වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පී සේවක සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ගණනාවක ගේට්ටුකරුවන් නොවීම හේතුවෙන් අනාරක්ෂිත තත්ත්වයෙන් දුම්රිය ධාවනය කිරීමට සිදුවී ඇති අතර දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂාව සඳහා ඊයේ 26 පොලීසිය යෙදවීමට පියවර ගනු ලැබීය.Sri Lanka Latest News
දුම්රිය ගේට්ටුකරුවන්ද ඇතුළු සේවක පිරිසේ මෙම වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ඊයේ පෙරවරුවේ කාර්යාලීය හා පාසල් දරුවන්ගේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබිණ.
වේයංගොඩ කීනවල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුකරුවන් සේවයෙන් ඉවත්වීම නිසා දුම්රිය හරස් මාර්ගය විවෘතව තිබියදීම පරික්ෂාකාරිත්වය යටතේ දුම්රිය ධාවනයට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.
මීරිගම විල්වත්ත ප්රධාන දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ස්වයංක්රීයව ක්රියාත්මක වූවද හදිසි අවස්ථාවකදී ක්රියාත්මක වීමට නියමිත සේවකයින් පෙරදින රාත්රියේ සිටම නොමැති බවත් එම ස්ථානයෙන් ගමන් ගන්නා දුම්රිය ද මන්දගාමීව පරීක්ෂාව යටතේ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් මීරිගම දුම්රිය ස්ථානයේ බලධාරියකු සඳහන් කළේය.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට මෙන්ම රථවාහන ගමනාගමනයටද බාධා එල්ල විය.
මෙසේ බාධා වීම නිසා කීනවල දුම්රිය හරස් මාර්ගය අසල නුංගමුව පොලිසිය විසින් රථ වාහන හසුරවන අයුරු දක්නට ලැබිණි.










