• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ සක්වළයි රනිල්ගේ බැඳුම්කරයි ගැන අජිත් කතා කරයි! බැඳුම්කරය වංචාවක්! අපිත් 100%ක්ම ඒක පිළිගන්නවා! අපි ඒක කෝප් කමිටුවේදිත් පිළිගත්තා! සක්වළ ජනතාවට තේරුණේ නෑ! ජනතාව දේශපාලන කයිවාරුකාරයන්ට රැවැටුණා! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ සුබසාධන කටයුතු සහ යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාගෙන් දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනේදී පසුගියදා ප්‍රශ්න කෙරුණා. පහත පළවන්නේ එම සංවාදයෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.Sri Lanka Latest News

මාධ්‍යවේදියා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂයේ සිට වැඩකිරීම ගැන කතාකරනවා නිරන්තරයෙන්ම. හුස්ම සහ සක්වළ කියන වැඩසටහන් දෙක ඔහු අඛණ්ඩව මැතිවරණවලට කලින් පවත්වාගෙන ගියා. හැබැයි කාලෙකදී අපි දැක්කේ නෑ ඒ ව්‍යාපෘතිය යනවා ඉදිරියට. දැන් ඒකට හේතුවක් තියෙනවද?

අජිත් පී. පෙරේරා
මට ඒකට උත්තර දෙන්න අමාරුයි. නමුත් මම දන්නවා දැනුත් අවස්ථා කීපයක එතුමා අර කලින් වගේ විශේෂ ව්‍යාපෘති නාමයකින් නෙමෙයි. නමුත් යම් අවස්ථාවල එතුමාගේ හිතමිතුරන්ගේ මාර්ගයෙන් අවශ්‍යතාවන් බලලා රෝහල්වලට පොදුවේ සහ පෞද්ගලිකව උපකාර කරපු අවස්ථා මම දැක්කා. නමුත් අර කලින් වේගයෙන් සිද්ධ වෙන්නේ නෑ. මම බොහොම අවංකව කියන්නේ, එහෙම සමාජ වැඩ කරලා, මිනිස්සුන්ට උදව් කරලා, මේ රටේ දේශපාලන බලය ගන්න බෑ. මේ රටේ මිනිස්සු ‘සජිත් මහත්තයා හරි හොඳයි’ කියලා අර බොරු කියන කයිවාරුකාර වැඩ බැරි මිනිස්සුන්ට ඡන්දෙ දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ නොදී අනුර කුමාරට ඡන්දෙ දීපු අයගෙන් අහන්නකෝ. සජිත් මහත්තයා හරි හොඳයි නේ. ඒ වුණාට අපි ඡන්දෙ දෙන්නේ නෑ. ඡන්දෙ දෙන්නේ අර ලස්සනටම තර්ක කරලා, කතා කරලා, මවලා පෙන්නලා කතා කරන කෙනාට තමයි ඡන්දෙ දෙන්නේ. ඒ නිසා කයිවාරුකාරයන්ට ඡන්දෙ දෙන රටක්. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ ව්‍යාපෘතිය කරන එක පින් අතේ වැඩක් වශයෙන් හොඳයි. මම නම් එතුමාට නිර්දේශ කරන්නේ ඔය වැඩේ තේරුමක් නැති වැඩක් කියලා.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ ජනතාව කෘතගුණ දන්නේ නැති ජනතාවක් හින්දා එහෙම කරන්න එපා කියලද?

අජිත් පී. පෙරේරා
නෑ එහෙම නෙමෙයි. දේශපාලනික වශයෙන් එහෙම කරන එකේ තේරුමක් නෑ.

මාධ්‍යවේදියා
ඒ ක්‍රමවේදය වැඩ කරන්නේ නැද්ද දේශපාලනකිව?

අජිත් පී. පෙරේරා
ඒ ක්‍රමවේදය දේශපාලනිකව රටේ මිනිස්සුන්ට තේරෙන පණිවුඩයක් අරගෙන එන්නේ නෑ.

මාධ්‍යවේදියා
ඒකත් හොඳයි. අර බෙදලා දිනන්න බෑ වගේ තැනකට ඇවිල්ලද?

අජිත් පී. පෙරේරා
නෑ එතුමා මහජනතාවගේ දේවල් බෙදුවේ නෑනේ. එක බෙදලා කරන්න බෑ. මම දේශපාලනයට එන්න කලින් මගේ ධනය මම බෙදපු මිනිහෙක්. හැබැයි දේශපාලනයට ආවට පස්සේ ඒවා දැන් නෑ. බෙදලා දේශපාලනය කරන්න බෑ. මගේ ජයග්‍රහණ හැම එකක්ම දේශපාලනික ජයග්‍රහණ. මම ඒක විශ්වාස කරන්නෙත් නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ තිබෙන මනුස්සකමට, සෙනෙහසට, සංවේදීකමට, ප්‍රතිචාර වශයෙන් තමයි බොහෝ දෙනෙක් ඔහුගෙන් දේවල් ඉල්ලනවා. ඔහුට දෙන්න මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ අද ඔබ කිව්වොත් මේ රෝහලේ මේ දේ නෑ කියලා, ඔහුට පුළුවන් හෙට ඒක දෙන්න. ඒකනේ මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති නලින්ද ඇමැතිතුමා කිව්වේ එහෙනම් සජිත් ප්‍රේමදාසට කියන්න මේවා ගෙනත් දෙන්න කියලා. ඒ කියන්නේ ආණ්ඩුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවම ඖෂධ හිඟය පිළිබඳව, එහෙනම් සජිත් ප්‍රේමදාස ලව්වා ගන්න කියලා කිව්වානේ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාසට එහෙම දෙන්න පුළුවන් බවට විශ්වාසයක් තියෙනවා. නමුත් මම කියන්නේ දේශපාලනිකව ඒක වැඩක් නෑ. පෞද්ගලිකව පින් තකා දෙන එක හොඳයි.

මාධ්‍යවේදියා
එතුමාටත් ඕක හිතිලද ‘හුස්ම’ සහ ‘සක්වළ’ වගේ නම්වලින් කරපු ව්‍යාපෘති නවත්තලා තියෙන්නේ දැන්?

අජිත් පී. පෙරේරා
මම දන්නේ නෑ. මම ඒ ගැන කතා කළේ නෑ. මම එතුමාට කියලා තියෙනවා මේ රටේ දේශපාලනය තුළ ඔය උපකාර කිරීම, මනුස්සකම පෙන්වීම, පෞද්ගලිකව වැඩකිරීම කියන එකේ දේශපාලන අර්ථයක් නැති බව. ඉතින් ඒක පරස්පරයක් නෙමෙයි. ඒක අපි මනුෂ්‍යත්වය පිළිබඳ කියවීම පිළිබඳ කාරණයක්. හැබැයි මම හිතන්නේ නෑ ඔහු ඒක නතර කරයි කියලා. ඔහුගේ ජීවිතයේ කෙනෙක් දෙයක් ඉල්ලුවොත් ඔහු මොනවා හරි ක්‍රමයකින් ඒ දේ දෙනවා. ඉතින් ඒක එතුමාගේ තියෙන මනුස්සකම.

මාධ්‍යවේදියා
බැඳුම්කර සිද්ධියේ ෆුට් නෝට් කල්ලියේ ඔබත් හිටියා. ඔය ෆුට් නෝට් දාන එක වරදක් නෙමෙයි. සාමාන්‍යයෙන් යම්කිසි ආකාරයේ නිර්දේශයක් යටතේ මෙය මේ ආකාරයෙනුත් විය හැකියි කියන ෆුට් නෝට් එක දාන්න පුළුවන් කෙනෙකුට.

අජිත් පී. පෙරේරා
නෑ මේ ආකාරයෙන් විය යුතු නෙමෙයි. විගණකාධිපති වාර්තාවක් ඉදිරිපත් වුණානේ. විගණකාධිපති වාර්තාවේ විශාල අඩුපාඩුකම් ප්‍රමාණයක් තිබුණා ආර්ථික විද්‍යාව පැත්තෙන්. ඒ කියන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අදටත් ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් ඇති අය නෑ. මෙතැන ප්‍රශ්නය තිබුණේ මේකනේ, කලින් තිබුණේ ප්‍රයිවට් ප්ලේස්මන්ට්. ඒ කියන්නේ දිගටම ප්‍රයිවට් ප්ලේස්මන්ට් තිබුණා. වංචාවලුත් සිද්ධ වුණා. ඔය කණ්ඩායමමයි. ඔය කණ්ඩායමම සහ තවත් අයත් එකතු වෙලා ඒක ඉතාම වංචනික විදිහට කරගෙන ගියා. ඊට පස්සේ අපේ රජය බලයට පත්වෙලා, අපි අදහස් කළා ප්‍රයිවට් ප්ලේස්මන්ට් වෙනුවට ඔක්ෂන්ස්වලට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ වෙන්දේසියට යන්න ඕනේ කියලා. ඒක හරි ක්‍රමයක්නේ? තර්කානුකූලයිනේ. විනිවිදභාවයත් වැඩියි.

එතකොට විනිවිදභාවය වැඩි ක්‍රමයකට යන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා තීරණය කළා. මොකද එතුමා තමයි මහබැංකුව පිළිබඳ භාර අමාත්‍යවරයා. රවි කරුණානායක මැතිතුමා මුදල් ඇමැතිතුමා වුණාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ තමයි මහබැංකුව තිබුණේ. එතුමා තමයි ඒ ප්‍රතිපත්තිමය තීරණය ගත්තේ, යන්න ඕනේ ඔක්ෂන්වලට කියලා. ඔක්ෂන්වලට යන්න තීරණය ගත්තට පස්සේ, ඒ මාමා, මහබැංකු අධිපති, බෑණා ප්‍රයිමරි ඩීලර්. එතකොට මේ දෙන්නා අතර තොරතුරු හුවමාරු වීමේ ප්‍රතිඵලයක් සහ වංක සහයෝගයේ ප්‍රතිඵලයක් හැටියට විශාල වංචාවක් සිද්ධ වුණා. එතකොට ඔය කාරණයේදී අර විගණකාධිපතිවරයා ඉදිරිපත් කරපු වාර්තාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරලා තිබුණු නිර්දේශයන් ගණනාවක්ම දෝෂසහගතයි. එවැනි දෝෂ 33ක් අපි පෙන්වලා දුන්නා. අපි දාපු ඒ එක ෆුට් නෝට් එකක්වත් සිද්ධිමය කරුණු වශයෙන් වැරදිත් නෑ. නීතිමය කරුණු වශයෙන් වැරදිත් නෑ.

මාධ්‍යවේදියා
හැබැයි ඒ මූලික අවස්ථාවේ ඔබතුමාලා ස්ථාවරයක හිටියා පක්ෂ කණ්ඩායමක් විදිහට, මේ ගනුදෙනුව තුළ වංචාවක් සිදුවෙලා තියෙනවා කියලා කිසිවකුට නිගමනයකට එන්න බැහැ කියලා?

අජිත් පී. පෙරේරා
නෑ වැරදියි. අපේ කෝප් කමිටුවේ මාත් ඇතුළුව ඒකමතික තීරණය වංචාවක් සිදුවී ඇත කියන එක. ඒකට වගකිවයුතු පුද්ගලයන් කවුද? මහබැංකු අධිපති, ඒකට නොසැලකිලිමත්කමෙන් සිටි නියෝජ්‍ය අධිපතිවරු දෙන්නා. ඊළඟට ඒ ප්‍රයිමරි ඩීලර්, ඒ ප්‍රයිමරි ඩීලින් සමාගම, පර්පචුවල් සමාගම, ඒ, ඒ අය වරදකරුවන් බව තමයි ඒකමතික තීරණය. වෙනසකට තිබුණේ අපි ඉදිරිපත් කරපු අර ආර්ථික විද්‍යාව පිළිබඳ මේ විගණකාධිපතිගේ අදහස් සමග නොගැළපෙන කාරණා ගැන මන්ත්‍රීවරු කණ්ඩායමක් එකඟ වුණේ නැහැ. මත දෙකක් තිබුණා. හැබැයි නිර්දේශ පිළිබඳවත් 100%ක්ම අපිත් ඇතුළුව එකඟයි. බැඳුම්කරය වංචාවක්.

Ada Derana Sinhala

SendShareShare
Previous Post

චීනය හරිනිට එන්න කිව්වේ ඇයි? Sri Lanka Latest News

Next Post

ජිප් 2ක් හොරට රටින් ගෙන්වලා! වත්තේගම හිටපු සභාපතියි ව්‍යාපාරිකයෙකුයි අල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.