• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ලංකාවට එනවා කියලා විපක්ෂනායකතුමා කල්තියාම කිව්වා! ඒක එදා ගෝඨාගේ උද්දච්ච ආණ්ඩුව ඇහුවෙ නෑ! හිනාවුණා! අන්තිමේ ලොකු විනාශයක් වුණා! අදත් විපක්ෂනායකතුමා ඒ කොරෝනා අවදානම ගැන කලින්ම කිව්වත් මේ ආණ්ඩුවත් හරි සැහැල්ලුවෙන් වැඩ කරන්නේ! ප්‍රශ්නයක් වුණොත් ආණ්ඩුව වගකීම බාරගන්න ඕන! වෛද්‍ය චමල් සංජීවත් බරපතළකම පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

May 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ රට බලාපොරොත්තු වෙන්නේ ජනතාවට වගකියන-විනය-විමර්ශනය-විගණනය තියෙන නීතිගරුක පාලනයක්! සජබ ආණ්ඩුවක් යටතේ ජනතාවට විශ්වාසය තැබිය හැකි-දූෂණ විරෝධී එවැනි පාලනයක් බිහිවෙන ලකුණු පේනවා! වටමේස සාකච්ඡාවලින් එළියට ඇවිත් සක්‍රීය ‌පාලනයකට අපි එකතු වෙමු! සියලු වෘත්තීයවේදීන්-සිවිල් සංවිධාන-මධ්‍යස්ථ මතධාරීන් සියලු දෙනා මේ පාලනයේ හවුල්කරුවන් වෙමු! දූෂණයට එරෙහිව සැබෑ සටන දියත් කරන සජිත්ගේ වේදිකාවට අද ගොඩවූ වෛද්‍ය චමල් සංජීව කරපු සුපිරි කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සමගි ජනබලවේගයේ රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව මහතාය,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමැතිවරයාට එරෙහි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය දැවැන්ත ශිෂ්‍ය අරගලයක් ක්‍රියාත්මක කළා. කෙසේ නමුත් රටේ සෞඛ්‍ය ඇමැතිවරයාට ඇතුළතින් සහ පිටතින් විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වෙමින් පවතිනවා. සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහජනතාවට සෞඛ්‍ය පද්ධතිය තුළින් බලපාන ගැටලු වලට විසදුම් ලබාදිමට අසමත් වීම නිසා තමයි මේ ආකාරයට ප්‍රතිවිරෝධයක් නිර්මාණය නිර්මාණය වෙලා තිබෙනවා.

ඒ වගේම රටේ ඖෂධ වර්ග 200 ක හිඟයක් පවතිනවා. ඒ වගේම ඖෂධ නියාමනය , සැපයීම සහ බෙදාහැරිම අඩාල වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍යයන් අතර ගිවිසුමක් අත්සන් කිරීම හරහා ලංකාවට ඖෂධ ගෙන ඒම සඳහා යැයි පවසමින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තුළ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාලයේ මෙන්ම ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය අත්හැර ඉන්දියාවේ ස්වයං රැකියා ලෙස නිෂ්පාදනය කරන ඖෂධ ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියට යටත්ව ලංකාවට ගෙන ඒමට වර්තමාන ආණ්ඩුව උත්සහ දරමින් සිටිනවා. මෙම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් තමයි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ කාලයේදීත් සිදුවුණේ. ඒ වගේම ඖෂධ 300 ට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාව හරහා ලංකාවට ගෙන ඒමට උත්සහ දැරීම ඖෂධ හිඟයට විසදුමක් යන කොටස ලඝු නොකළ යුතුයි. ඒ වගේම ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා නොසලකා හරමින් තමයි ඉන්දියාවෙන් ඖෂධ ගෙන ඒමට ආණ්ඩුව සුදානම් වන්නේ. කෙසේ නමුත් පසුගිය කාලයේ දී ඉන්දියාවෙන් ගෙන්වපු ඖෂධ නිසා ලංකාවේ රෝගින් මිය යාම , සංකූලතා මතුවීම සහ ඇස් අන්ධ වීම් වලට ලක්වුණා. ඒ නිසා කල්තියාම ඖෂධ සම්බන්ධ ඇණවුම් ඇස්තමේන්තු සකස් කරලා , ප්‍රසම්පාදන යාන්ත්‍රණය ආරම්භ කරලා නියමිත මිල ගණන්වලට යටත්ම ඖෂධ ගෙන්විම නොහැකි වීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරින් බාරගත යුතුයි.

ඒ වගේම ඉන්දියාවෙන් හිඟ ඖෂධ ගෙන එනවාට ඇතැම් පාර්ශ්ව විරුද්ධ බව සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ ගිවිසුම රටට නිරාවරණය කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා සමත් වෙලා නෑ. එවැනි ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් නොකළ බව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසු විට එහි නිලධාරින් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම ජනතාවගෙන් වසන් කරන්න ඇයි ආණ්ඩුව උත්සහ දරන්නේ. මෙම ගිවිසුමේ තිබෙන රටේ මිනිස්සුන්ට බලපාන අන්තරාදායක කරුණු මොනවාද කියලා පවසන්න සෞඛ්‍ය ඇමැතිවරයා සමත් වෙලා නෑ. ඒ වගේම තොරතුරු දැන ගැනිමේ පනත යටතේ තොරතුරු ඉල්ලුවත් එම තොරතුරු ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. එම ගිවිසුමේ කරුණු හෙළි කරන්න සෞඛ්‍ය ඇමැතිවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කරලත් නෑ. ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණගේ අධික්ෂණයෙන් සකස් කළ කැබිනට් පත්‍රිකාව වෙනස්කම් වලට ලක් කරලා අනුර දිසානායකගේ කැබිනට් මණ්ඩලයට වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති බව අපිට විශ්වාස කරන්න සිදුවෙනවා.

ඒ වගේම ලංකාවේ ජනතාවට බොන්න වෙන බෙහෙත් පිළිබඳව , ලංකාවේ ජනතාවට ලබාදිම සුදානම් වන එන්නත් පිළිබඳව දැන ගන්න රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය කැබිනට් පත්‍රිකාවකට ලඝු කිරිමට නොහැකියි. එම නිසා මීට පෙර සිටි සිටි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් පත්‍රිකා නොසලකමින් ගුණාත්මක භාවය පරික්ෂා නොකර ලංකාවට ඖෂධ ගෙන ඒමට නෛතිකභාවයක් නැති බවට යම් යම් සමාගම්වලට විරුද්ධව සහ සෞඛ්‍ය අමාත්‍යාංශට විරුද්ධව අධිකරණය විසින් අතුරුතහනම් නියෝග පනවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් නඩු ද ක්‍රියාත්මක වෙනවා. අධිකරණය ලබාදුන් අතුරුතහනම් නියෝග පවා නොසලකා හරිමින් සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනේ කෙසේද කියන ප්‍රශ්නය මතුවෙනවා. මිනිසුන්ගේ ජන ජිවිතයට බලපාන සෘජු කරුණක් පිළිබඳව විශ්ලේෂණය නොකර ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය අත්සන් කළ ඉන්දියානු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම ආශ්‍රිත කැබිනට් පත්‍රිකාව අනුමත කරන්නේ කෙසේද? එවැනි ඒකාධිකාරි බලයක් කැබිනට් මණ්ඩලයට ලබාදිලා නෑ. ඒ නිසා මේ කැබිනට් පත්‍රිකාව සහ ඉන්දියානු ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම රටට හෙළි කළ යුතුයි. ඒ වගේම මෙහි තිබෙන අන්තරාදායක තත්ත්වය වළක්වා ගැනිමට අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම මේ ගිවිසුම් හරහා ගෙන්වන ඖෂධ වලින් රෝගියෙක් මියගියහොත් , රෝගියෙකුගේ ඇස් අන්ධ වුණොත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , රාජ්‍ය ඖෂධ සංස්ථාව වගකියන්නේ නෑ. අවසානයේ මිය යන පුද්ගලයාගේ වගකිම දැරීමට සිදුවන්නේ පවුලේ ඥාතීන්ට පමණයි. එ් නිසා ඉන්දියාව සමඟ අත්සන් කළ සෞඛ්‍ය ගිවිසුම , ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව රටේ ජනතාවට දැන ගැනිමට ප්‍රසිද්ධියට පත් කළ යුතුයි. එසේ නොමැති නිසා තමයි රටේ සෞඛ්‍ය ඇමැතිට එරෙහිව මහජන නැගිටිම් ආරම්භ වෙලා තිබෙන්නේ. රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසදන්න ඇමැතිවරයා අසමත් වුවහොත් නියත වශයෙන් රටේ මහජනතාව ආණ්ඩුවට විරුද්ධව ඔවුන්ගේ හඩ අවදිකරන බව ජනාධිපතිවරයා දන්නවා.

ඒ වගේම උසස් පෙළ විභාගය සමත් වෙලා ඉසඩ් ස්කොර් යටතේ දේශිය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනිමට තිබුණ එක් අවස්ථාවක් තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය. නමුත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් දේශිය සිසුන්ට මුදල් ගෙවලා වෛද්‍ය අධ්‍යාපනය ලබාදිම නතර කරන්න කටයුතු කරන බව පසුගිය සතියේ නියෝජ්‍ය ඇමැති අනුර ජයසේකර මහතා ප්‍රකාශ කරනවා. මෙය අවිද්‍යාත්මක කතාවක්. උසස් පෙළ විභාගය සමත් වෙලා ඉසඩ් ස්කොර් යටතේ වෛද්‍ය පීඨවලට ඇතුලත් කරගන්නා සිසුන්ගෙන් පසුව තවත් සිසුන් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකට අවස්ථාව ලැබුණා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරන්න. මේ වනවිටත් නීති පීඨය ඇතුළු පීඨ ගණනාවක්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සිසුන් 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් ප්‍රමිතිගත වෛද්‍ය අධ්‍යාපනය ලංකාව තුළ ලබාගැනිමට නොහැකි නිසා ඔවුන් විදෙස් රටවල්වලට ගොස් වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන වෛද්‍යවරු ලෙස ලංකාවට පැමිණියාම ඔවුන්ව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගනු ලබනවා. නමුත් රට තුළ ප්‍රමිතිගත ලෙස මුදලට වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්න දරුවන් උත්සහ කරන විට ඒ සදහා බාධා කරන්න රජය කටයුතු කරනවා. ඒ වගේම උසස් පෙළ විභාගය සමත් වෙලා ඉසඩ් ස්කොර් යටතේ දේශිය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීම සම්පුර්ණයෙන් වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමක් නෙවෙයි. කෙසේ නමුත් ප්‍රමිතිගත ලෙස මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලංකාව තුළ හදාරන්න රටේ දරුවන්ට අවස්ථාව ලබාදුන්නොත් අප රටට වාර්ශිකව ඩොලර් මිලියන ගණනාවක් ඉතිරි කරගැනිමට හැකිවෙනවා. රටින් පිටට ඩොලර් 30 ක් වගේ ප්‍රමාණයට රටින් පිටට ගලායාම නතර කිරිමට අපේ රට තුළ අධ්‍යාපනය ලබන්න නිදහසන් තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනය පුළුල් වෙලා , රටේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පහසුකම් වැඩිවෙලා දරුවන්ට නිදහස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලබාදෙනවා වගේම ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ හැකියාව තිබෙන පිරිසට විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිසන් සභාව , සෞඛ්‍ය අමාත්‍යෘංශය , අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ගේ යටතේ අධ්‍යාපනය ලබන්න නිදහස තිබිය යුතුයි. ඒ පාරවල් වසා දැමුවට පසුව ඒ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය හදාරන්න යොමු වෙනවා. ඒ නිසා මුදල් වියදම් කළ හැකි දරුවන්ට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හැදැරිම ඇහිරිම රජය නොකළ යුතු ක්‍රියාවක්. රටේ ජනතාව වර්තමාන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ ප්‍රමිතිගත තත්ත්ව යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් හෝ රජයේ අනුග්‍රහය ලබන අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක තමන්ගේ දරුවාට හොද අධ්‍යාපනයක් ලබාදෙන්න. කෙසේ නමුත් ඒ තත්ත්වය නැති කරන්න ආණ්ඩුවේ සිටින පිරිසක් උත්සහ ගනිමින් සිටිනවා. රට තුළ නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනවා වගේම අධ්‍යාපනය ලබන්න නිදහසක් තිබිය යුතුයි.

ඒ වගේම දවස ගානේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ආණ්ඩුව මාතෘකා නිර්මාණය කිරිම ගැන අපි ආණ්ඩුවට ස්තුති වන්ත වෙනවා. ඉස්සර විපක්ෂයට ආණ්ඩුවේ අඩුපාඩු හොයාගන්න ඉතාම අසීරුයි. නමුත් අද වනවිට ආණ්ඩුවේ අඩුපාඩු රැසක් තිබෙනවා විපක්ෂයට කතා කරන්න. මේ හරහා පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවේ අසමත්භාවයයි. මේ රටේ බහුතරයක් ජනතාව බලාපොරොත්තු වුණේ මේ දෙය නෙවෙයි. කෙසේ නමුත් අපි විශ්වාස කරනවා අපි ඉදිරිපත් කළ ගැටලුවලට ප්‍රමුඛතා මත විසදුම් ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරයි කියලා. නැතිනම් ජනතාව ආණ්ඩුව කෙරෙහි දක්වන විරෝධතාවය දිනෙන් දින වැඩිවිමට ඉඩකඩ තිබෙනවා. සෞඛ්‍යට , අධ්‍යාපනයට , ආර්ථිකයට , කෘෂිකර්මාන්තයට, ජනමාධ්‍යයට කිසිදු ප්‍රතිපත්තියක් නෑ. ඒ වගේම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉහත ක්ශ්‍රේත්‍ර සම්බන්ධයෙන් තිබුණ දේවල් ඉටු කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා.

මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මරණ 5 ක් මැද තිබෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වය ආසියානු රටවල ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම රට පුරා චිකන්ගුන්යා රෝගි තත්ත්වය ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ වගේම ඩෙංගු රෝගි තත්ත්වය වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයන් වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය පද්ධතියේ තිබෙන මානව සම්පත් ප්‍රශ්නයට විසදුම් ලබාදෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම බෙහෙත් , ශල්‍ය උපකරණ හිගයක් රට තුළ පවතිනවා. ඒ වගේම ඖෂධ බෙදා හැරිම සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබෙනවා. මේ අනුව රටේ සෞඛ්‍ය පද්ධතිය බරපතල අර්බුදයකට පත්වෙමින් තිබෙන්නේ. මෙවැනි තත්ත්වයන් රට තුළ ඇතිවන විට සෞඛ්‍ය ඇමතිවරයාගේ හෝ සෞඛ්‍ය ලේකම්වරයාගේ නායකත්වය යටතේ කාර්යසාධක බලකායක් පිහිටුවල් ඒ සඳහා විශය ප්‍රවිණයක් , දේශපාලන නායකත්වය සහ රාජ්‍ය නිලධාරින් සම්බන්ධ කරගෙන මෙහෙයුම් කණ්ඩායමක් ඇති කළ යුතුයි. මේ කටයුත්ත පෙර පැවැති රජයවල් ක්‍රියාත්මක කළා. නමුත් වර්තමාන රජය ගෝලිය වසංගයක් සහ රටතුල වසංගත තත්ත්වයන් පවතින විට කටයුතු කරන්නේ සමාන්‍ය ආකාරයටයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉතාම සැහැල්ලුවෙන් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ වගේම මීට පෙර ඇතිවුණ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු ඉදිරිපත් කරද්දි පෙර පැවැති රජය ඒවා නොසලකා හැරීමට කටයුතු කළා. ඒ පිළිබඳව අවදානයක් යොමු කළේ නෑ. ඒ නිසා රටේ විශාල පිරිසකට ජිවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. මේ වනවිට ගෝලියව කොවිඩි වසංගතය යළි පැතිරිම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් වසංගතය පැතිර ඇති රටවල් වලින් ලංකාවට පැමිණෙන පිරිසෙන් අහඹු ලෙස පුද්ලයින් තෝරාගෙන පරික්ෂා කර වසංගත තත්ත්වයේ ප්‍රබේද හදුනාගෙන කල්තියාම ඒ සඳාහ සුදානම් විය යුතුයි. ඒ බව පසුව ජනතාවට දැනුවත් කළ යුතුයි. ඒ වගේම විපක්ෂය ඉදිරිපත් කරන කරුණු ගෝඨාභයගේ කාලයේ සිටි පිරිස් සැලකිමක් දැක්වුයේ නෑ. එහි ප්‍රතිවිපාක අපිට දකින්න ලැබුණා. ඒ වගේම වර්තමානයේ රටේ සෞඛ්‍ය පද්ධතියේ අඩුපාඩු විපක්ෂ නායකවාරයා ඇතුළු වෘත්තියවේදින් පෙන්වා දෙන විට ඒවා පිලිගන්න සෞඛ්‍ය ඇමැති ඇතුළ අමාත්‍යෘංශය දරන පසුගාමිත්වය නිසා මිනිස් ජිවිත නැතිවුණොත් එහි වගකිම ජනාධිපති සහ ආණ්ඩුව භාර ගත යුතුයි. අපි සියලු දෙනා එකතු වෙලා එන ප්‍රශ්න වලට මුහුණ දිය යුතුයි. ආණ්ඩුවේ සුපුරුදු උද්දචභාවය පසෙක දමා එන අනතුරුට අපි කණ්ඩායමක් ලෙස සුදානම් විය යුතුයි.‘‘

SendShareShare
Previous Post

ආණ්ඩුව චණ්ඩිකමෙන් ප්‍රාදේශීය සභාවල බලය අල්ලන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

හදිසියේම අනුර සමාජ මාධ්‍ය සටහනකින් එළියට එයි! I Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.