ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා හොරකම් තුළ යම් කිසි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කර ඇති බවත් මෙසේ කමිටු පත් කරනවා සේම පාසල්, නගරය, සංගම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමට එතුමාට ඇති වැඩපිළිවෙළ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ මතුව ඇති අර්බුධය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ වඩාත් විහිළු සහගත කරුණ නම් මෙම අතුරු කමිටුවේ වැඩ අධීක්ෂණය කරන්න ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බව යි. මෙය කමිටු සූදුවක් බවත් තමා විශ්වාස කරන ආකාරයට ක්‍රිකට් පරිපාලනයේ සිටිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ශූරතා දැක්වූ මෙන්ම දූෂණ වංචා චෝදනා ආදිය නොමැති පුද්ගලයන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම ගැටලුවේදී ක්‍රීඩා ඇමතිවරයා එක් මතයක් සහ ජනාධිපතිවරයා තවත් මතයක් දැරුවොත් නැවත අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ගැටලුව උත්සන්න වන බව යි.










