නෝර්වේ තානාපති H.E. May-Elin Stener මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (19) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය. (Sri Lanka Latest News)
එහි දී දෙපාර්ශ්වය අතර වර්තමාන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයේ අදහස් හුවමාරු විය. පවතින බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා අවැසි සහාය ලබා දෙන ලෙසත් ඒ සඳහා විපක්ෂය ලෙස ද උපරිම සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී නෝර්වේ තානාපතිවරයා හමුවේ පැවසීය.














