• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා විනාශයන්ගෙන් පස්සේ ලෝකේ රටවල් යළි නැගිට්ටා! කොරෝනා විනාශයෙන් අඩියටම වැටුණු ලංකාවට නැගිටින්න බැරිවෙයිද?

August 5, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අද රෑ සිට ගම් රැසක් ලොක්ඩවුන්!
Share on WhatsAppShare on Facebook

ජයග්‍රහණයකට වඩා පරාජයකදී තමයි ඕනෑම කෙනකුගේ ශක්තිමත්භාවය වඩාත් හොඳින් ඉස්මතුවන්නේ. කෙතරම් පරාජයන් ලැබුවත්, දිනෙක ජයග්‍රහණය කරා යෑමට ඒ ශක්තිය අත්වැල් සපයනවා. පුද්ගලිකව විතරක් නෙවෙයි රටක් ජාතියක් විදියට ගත්තත් ඒ තත්ත්වය පොදුයි. ඒ විදියට වැටි වැටී නැගිටපු මිනිස්සු තමයි අතීතයේ ඉඳන්ම ලෝකය ජය අරගෙන තියෙන්නේ. එහෙම බැරි වුණු බොහෝ දෙනා හැමදාටම පරාජය විතරක් උරුම කරගෙන තියෙනවා. පරාජයේදී ජයග්‍රහණය සොයා යන්න නම් අපිට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනසට කරුණු කාරණා ගණනාවක් බලපාන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අපේම දුර්වලතා වෙනස් කර ගන්න වෙනවා. ඒ වගේම ප්‍රතිවාදියට අනුව වෙනස් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. කාලයට, දේශයට අනුව වෙනස් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ වෙනස තමයි ජයග්‍රහණය සොයා යන ගමනේ පළමු පියවර වෙන්නේ.

හැබැයි පරාජයකදී අපි වෙනස් වෙන්න සූදානම් නැති වුණොත් අපිට කවදාවත් ජයග්‍රහණය කරා යන්න බැරි වේවි. එහෙම වුණොත් පුළුවන් වෙන්නේ හැමදාටම පරාජය බාර අරගෙන නිහඬ වෙන්න විතරයි. අතීතයේදී සොබාදහමට අනුකූලව වෙනස් වෙන්න හැකියාව තිබුණු සත්ව කොට්ඨාස විතරයි අද මේ ලෝකයේ ඉතිරි වෙලා ඉන්නේ. ඒ විදියට වෙනස් වෙන්න බැරි වුණු සත්ව කොට්ඨාස රාශියක් මේ ලෝකයෙන් සදහටම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා.

අනාගතයේ ජයග්‍රහණය වෙනුවෙන් වර්තමානයේදී වෙනස් විය යුතු කාලයකට තමයි දැන් මුළු ලෝකයම මුහුණ දීලා තියෙන්නේ. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපි වෙනස් විය යුතුම වෙනවා. එහෙම නැති වුණොත් අපිට අත්වෙන්නේ පරාජය විතරයි.

වර්තමානයේදි මුළු ලෝකයටම මුහුණ දීලා තියෙන්නේ වසංගතයකට. ඒක විසඳුම් නැති වසංගතයක් කිව්වත් වැරැදි නැහැ. හැබැයි එහෙමයි කියලා අපිට පරාජය බාර අරගෙන නිහඬ වෙන්න බැහැ. අපි ජයග්‍රහණය සොයා යා යුතුම වෙනවා. ඒ සඳහා පරාජයේදී පාඩම් උගත යුතු වෙනවා.

මේක අපේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකයටම එල්ල වෙලා තියෙන බලපෑමක්. තර්ජනයක්. ඒත් මේක අපේ රටට, ලෝකයට එල්ල වුණු පළමුවැනි තර්ජනය නෙවෙයි. මීට පෙරත් මේ වගේ විවිධාකාරයේ තර්ජන, බලපෑම් රටට ලෝකයට එල්ල වෙලා තියෙනවා. අපි තාවකාලික පරාජයන් අත්විඳලා තියෙනවා. ඒ වගේම ඒ හැම අවස්ථාවකම ජයග්‍රහණය සොයා යන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා.

රටක් ලෝකයක් විදියට අතීතයේ අපි ලබපු තාවකාලික පරාජයන් සහ ඒ අවස්ථාවලදී නැවත ජයග්‍රහණය කරා ගිය විදිය පිළිබඳ මතකය ආවර්ජනය කරන්න මේ තමයි හොඳම වෙලාව. මොකද ඒක අනාගතයේ ලබන ජයග්‍රහණයට කිසියම් උත්තේජනයක් වේවි.

මුළු ලෝකයක් කම්පා කළ ඒ වගේ ව්‍යවසනයක් ගැන අපේ රට සම්බන්ධයෙන් කතා කරද්දි නම් අපට මුලින්ම මතක් වෙන්නේ සුනාමිය. සුනාමිය අපේ රටේ බොහෝ දෙනකුගේ ජීවිත එහෙම් පිටින්ම වෙනස් කළා. 2004 අවුරුද්දේ බොහොම සතුටින් නත්තල සමරලා නින්දට ගිය බොහෝ දෙනෙකුට ඊළඟ දවසේ නැගිටින්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ ඇතැම් අය නැගිටිද්දි, ඒ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණා.

සුනාමියෙන් අපේ රටේ දස දහස් ගණනක් මිය ගියා. ඒ අතරේ කිසිවක් නොදන්න ළමා ළපටින් රාශියක් පවා හිටියා. නිවාඩුව විඳින්න ගාළු පාර දිගේ දකුණු පළාතට ගමන් කරමින් තිබුණු රථ වාහන රාශියක් එක මොහොතකින් සුන්නද්දූලි කරලා දාන්න සුනාමියට පුළුවන් වුණා. ඒ හරහා බොහෝ දෙනකුට තමන්ගේ හැමදේම නැති වෙලා ගියා. රථ වාහන විතරක් නෙවෙයි කවුරුත් යකඩ යකා කියලා හඳුන්වන්න කාටවත් පෙරළන්න බැහැ කියාල හිතපු දුම්රියකුත් සුනාමියට අහු වෙලා පෙරළුණා.

සුනාමියෙන් මියගිය පිරිසට වඩා ඒ වේදනාව දැනුණේ ජීවත් වෙලා හිටිය අයට කිව්වොත් ඒක තමයි හරි. හිටි හැටියේ තමන්ගේ සමීපතමයන් අහිමි වීමේ වේදනාව දරා ගන්න එක කොයිතරම් අමාරු දෙයක්ද. ඇතැම් පවුල්වල ඉතිරි වෙලා තිබුණේ එකම එක්කෙනෙක් විතරයි. ඒ පවුල්වල ඉතිරි හැමදෙනාගේම ජීවිත සුනාමියට බිලි වෙලා තිබුණා. අනේ ඇයි මාව විතරක් ඉතිරි වුණේ කියන අදහස විතරයි ඒ ඉතිරි වුණු එකම එක්කෙනාගේ හිතේ තිබුණු එකම සිතිවිල්ල. ඒ වගේ චරිත සිය ගණනක් සුනාමියෙන් පස්සේ අපට හමු වුණා. සුනාමියෙන් මියගිය මළ සිරුරු අතර කරාපිටිය රෝහලට පමණක් ලැබුණු මළ සිරුරු අතරින් තුන්සිය ගණනක් අදටත් කාගෙද කියලා හඳුනා ගෙන නැහැ. සුනාමිය ඒ තරම් බියකරු විදියට අපේ සමාජයට බලපෑවා.
ලංකාවට විතරක් නෙවෙයි ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් කිහිපයකටම සුනාමිය ඉතාම තදින් බලපෑවා. ඉන්දුනීසියානු ජාතිකයන් 1,60,000කට අධික පිරිසක් සුනාමියෙන් මියගිය බව වාර්තා වුණා.

හැබැයි ඒ තරම් විනාශයක් මැදදිත් පරාජය බාර ගන්න කවුරුත් සූදානම් වුණේ නැහැ. සුනාමියෙන් ඉතිරි වුණු සුව කළ නොහැකි තුවාළ සිත් තුළ රඳවා ගෙන ජනතාව ජීවිත තරගයට මුහුණ දුන්නා. ඒ වෙනුවෙන් හැමෝම ඒ අයට උදව් කළා. ලංකාවේ හැම කෙනෙක්ම වගේ සුනාමියෙන් විපතටපත් ජනතාවට උදව් කරන්න තමන්ට පුළුවන් විදියට ඉදිරිපත් වුණා. සුනාමියෙන් විනාශ වුණු රටවල් අතරින් ඉතාම ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත්වුණු රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රසාදයට පත්වුණා. වැටුණු තැනින් අපට නැගිටින්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය තමයි සුනාමිය.

සුනාමියට අමතරව මේ වගේ ව්‍යවසන කිහිපයක්ම ලෝක ඉතිහාසයෙන් අපට හොයා ගන්න පුළුවන්. ඒ අතරින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ල වූ බෝම්බ ප්‍රහාර සිද්ධිය සුවිශේෂී වෙනවා. ඒ රුදුරු ඛේදවාචකය වාර්තා වුණේ 1945 අවුරුද්දේ අගෝස්තු 06 වැනිදා.

ඇමෙරිකාව විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයට ගොදුරුව ලක්ෂ 2කට වැඩි අහිංසක ජනතාව මියගිහින් තිබුණා. යුරේනියම් ඇතුළු රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් එල්ල කළ එම බෝම්බ ප්‍රහාර හේතුවෙන් තවත් වසර ගණනාවක් යනතුරු එම නගරවල උපදින දරුවන් අංගවිකලභාවයට පත් වෙන තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ ප්‍රහාරවලින් ජපානයට යුද පරාජයක් අත් වුණා. ඒක වෙනම කතාවක්. යුද වැදීම පසෙකලා ජපානය මිත්‍ර හමුදාවන්ට යටත් වුණා. ඒ එක්කම ආසියාවේ පැවැති යුද ගැටුම් නිමාවට පත් වුණා.

හැබැයි යුද්ධයේදී තාවකාලික පරාජයක් භාර ගත්තත්, එය සදාකාලික පරාජයක් බවට පත් කර ගන්න ජපන් ජනතාව කැමැති වුණේ නැහැ. බෝම්බ ප්‍රහාරයෙන් සුනුවිසුනු වී ගිය හිරෝෂිමා සහ නාගසාකි නගර අද වෙද්දි ලෝකයේ දියුණුම නගර බවට පත් වෙලා. ජපන් ජනතාව ලෝකයේ දියුණුම ජාතීන් අතරට එකතු වෙලා. ඕනෑම පරාජයකදී නැගිටින්න පුළුවන් කියන එක එහිදී ජපන් ජනතාව ලෝකයට ඔප්පු කරලා පෙන්නුවා.

ලෝක බලවතා විදියට කිරුළ දරා සිටින ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් ඒ වගේ තවත් අවස්ථාවක්. ඒත් ඒ හරහා ත්‍රස්තවාදීන් ඉදිරියේ පරාජය බාර ගන්න ඇමෙරිකානු ජනතාව සූදානම් වුණේ නැහැ.

මේ වගේ තාවකාලික පරාජයන් හමුවේ නැවත ජයග්‍රහණය සොයා ගිය සිදුවීම් රාශියක් පිළිබඳ උදාහරණ ලෝක ඉතිහාසය පුරාවට හොයා ගන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ලෝකය ජයග්‍රහණ කළේ වැටුණු තැනින් නැගිටින්න තිබුණු උනන්දුව හින්දමයි. ඒ කැපවීම හින්දමයි. ඒ උනන්දුව නොතිබුණා නම් අද වෙද්දි ලෝකය මේ වගේ තැනක නොතිබෙන්න තිබුණා. ඒ වෙලාවලදි පරාජය භාර ගත්තා නම් ලෝකය මේ තරම් සොඳුරු තැනක් නොවෙන්න තිබුණා.

ලෝකයක් විදියට අදත් අපි මුහුණ දීලා ඉන්නේ ඒ වගේ අඳුරු කාල වකවානුවකට. ඇත්තටම කිව්වොත් අද වෙද්දි මුළු ලෝකයම කඩා වැටිලා. ඉතිහාසයේදී ඉගෙන ගත්ත පාඩම් නැවත මතක් කරගෙන අපි අනාගත ජයග්‍රහණය සඳහා පෙළ ගැසිය යුතු කාලයකට තමයි දැන් මුහුණ දීලා ඉන්නේ.

කොවිඩ් 19 වසංගතය හින්දා මේ වෙද්දි අපට බොහෝ දේවල් අහිමි වෙලා තියෙනවා. කොවිඩ් 19 එන්න කලින් අපි කියපු කරපු බොහොමයක් දේවල් නවත්වන්න වෙලා තියෙනවා. අපි කරපු රැකියාව, එදිනෙදා ජීවත් වුණු විදිය, නිතර ගිය ගමන් බිමන් වගේ හැමදෙයක්ම වෙනස් වෙලා තියෙනවා. සමහර දේවල් අලුතෙන්ම කරන්න වෙලා තියෙනවා.

ඒ වගේම මේ වෙද්දි කොවිඩ් හින්දා ජීවිතයේ බිංදුවටම ඇද වැටුණු බොහෝ දෙනකුත් මේ සමාජයේ ඉන්නවා. කර ගන්න මොකුත්ම නැතිව අන්ත අසරණ තත්ත්වයට පත් වුණු අයත් ඒ අතරේ ඉන්න පුළුවන්. ඒත් අපිට පරාජය භාර ගන්න බැහැ. මීට වඩා වැටිලා හිටියටත් වඩා හොඳට නැගිටපු අවස්ථා රාශියක් ගැන අපිට ඉතිහාසයේ උදාහරණ තියෙනවා. ඒ හින්දා කොහොමටවත් අපිට වැටෙන්න බැහැ. අපි නැගිටින්නම ඕනෑ. හිටිය තැනට වඩා වැඩි තැනකට අපි යන්න ඕනෑ. දැන් තමයි ඒ වෙනුවෙන් පළමු අඩිය තියන්න හොඳම වෙලාව.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

හොර ගෑනුන්ට සලකනවා! අපිට සලකන්නේ නෑ! සිසුවියක් තාත්තාට එරෙහිව පොලිසි ගිහින්!

Next Post

පොලිසියෙන් අල්ලන් ගිය ගුරුවරු 44ම ‘නෙගටිව්’!

MORE NEWS

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

Load More
හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

අගමැතිනිය බොරු කී බවට විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයෙන් චෝදනා - විදුහල්පති වැටුප් විෂමතා ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට අධ්‍යාපන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.