පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කර දීමේ ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් මඟින් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සියයට 99ක් අවසන් බවට වන කතාව ප්‍රතික්ෂේප කරමින් මෙම සිදුවීමට අදාළ පර්යේෂණයේ අඩංගු සමහර සිද්ධි හා කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට සැකසහිත බැවින් ඒ සම්බන්ධ විධිමත් විමර්ශනයක් අවශ්‍ය බව පවසා ඇති බවත් මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තු කාරකසභාව සම්බන්ධයෙන් එහි අපක්ෂපාතීත්වය විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් ජාතික කතෝලික කමිටුවට විශ්වාසයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙම ලිපිය මඟින් ඔවුන් යෝජනා 03ක් ඉදිරිපත් කරන බවත් ඒ යටතේ මීට සම්බන්ධ විමර්ශන ජාත්‍යන්තර ස්වාධින විමර්ශන කණ්ඩායමක අධික්ෂණය යටතේ සිදු කිරීම, ඒ සදහා පත් කරන ලද දේශීය කණ්ඩායම සදහා විවිධ ප්‍රදේශවලට මාරු කරන ලද සී.අයි.ඩී. නිලධාරීන් ඇතුළත් කිරීම සහ විමර්ශනයට ලක්වන උසස් නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටුවන ලෙසට මෙහි සදහන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේ ම ජනාධිපතිවරයා ඩී.ඩබ්ලිව් නාලිකාවට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී කාදිනල් හිමියන් හා බිෂොප්වරු අතර පරස්පරයක් ඇති බවට පැවසුවත් මෙහි එවැනි කිසිදු පරස්පරයක් දක්නට නොමැති බවත් එබැවින් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සාර්ථක එකක් වීමට නම් මෙහි සභාපතිවරයා නම් කිරීමට විපක්ෂයට දෙන ලෙසත් 9/11 කොමිසම මෙන්ම මෙහි සංයුතිය ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය වන ලෙස සමසම විය යුතු බවත් එසේ නොමැති නම් විපක්ෂය මේ සදහා සහභාගී නොවන බවත් කාදිනල් තුමා හා බිෂොප්වරු ගන්නා තීන්දුව මත සමගි ජන බලවේගය ද ඉදිරි තීන්දු ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කිරිමට නියමිත පාර්ලිමේන්තු කාරකසභාව සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනි.










