• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන 6ක බදු පොල්ලක් තියපු ලංකාවේ ලොකුම අරක්කු බිස්නස්කාරයන් 10 දෙනාගේ නම් උසාවියේදී එළියට එයි! I Sri Lanka Latest News

January 29, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Share on WhatsAppShare on Facebook

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබේ.Sri Lanka Latest News

රජය වෙත බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 කින් එම බදු මුදල් අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් (ජනවාරි 26 වැනිදා) ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් තුළින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

පෙත්සමේ සඳහන් වන ආකාරයට බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් මොනවාද?

අදාළ පෙත්සමේ සඳහන් වන ආකාරයට රජය වෙත හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් නම් කර තිබේ.

එම මත්පැන් නිෂ්පාදන සමාගම් වන්නේ,

1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම

2. වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම

3. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම

4. මැක්ලම් බෲවිං සමාගම

5. කළුතර ඩිස්ටිලරීස් සමාගම

6. ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම

7. සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම

8. රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම

9. හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම

10. රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම

වගඋත්තරකරුවන් කවුද?

නීතිඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විගණකාධිපතිවරයා සහ හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම් දහයක්ද නම් කර තිබේ.

“මත්පැන් නිෂ්පාදන සඳහා රජය විසින් පනවනු ලබන සුරා බදු එම සමාගම් වලින් නිසියාකාරව නොගෙවීම හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටීමට හේතු වී තිබෙනවා. මෙසේ මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් පැහැර හරිනු ලබන බදු මුදල් අයකර ගැනීම අතපසුවීම නිසා එය ජාතික ආර්ථිකයට ද සෘජු ලෙස බලපා තිබෙනවා. 2022 වසරේ ආර්ථිකයට ලැබිය යුතු සමස්ත බදු ආදායමෙන් බිලියන 101 ක් අහිමිවී ගොස් තිබෙනවා. ඒ අතරින් බිලියන 26 ක් සුරා බදු ආදායම් බවත් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමට අනුව 2023 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම් වශයෙන් රුපියල් බිලියන 650 ක් උපයා ගැනීමට සැලසුම් කර තිබුණා. එහෙත් එම කාල සීමාව තුළ රජයට උපයාගත හැකි වූයේ රුපියල් බිලියන 578 ක් පමණයි. රජය විසින් බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා සහ නිසි යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් මෙම බරපතල තත්ත්වය උද්ගත වී තිබෙනවා.” යනුවෙන් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

මෙරට  මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් කර තිබේ.

ගෙවීම පැහැර හැර ඇති බදු මුදල කොපමණද?

මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවීම පැහැර හැර ඇති බදු මුදල් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා සුරාබදු කොමසාරිස් ජනරල්වරයා විසින් ඊට පිළිතුරක් එවා තිබූ බව පෙත්සමේ සඳහන්ය.

සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඒවා තිබූ එම පිළිතුරු ලිපියට අනුව ඉහත මත්පැන් නිෂ්පාදන සමාගම් 10 විසින් රුපියල් කෝටි 678 කට අධික (6,785,370,777. 64) මුදලක් බදු වශයෙන් ගෙවීම පැහැර හැර තිබෙන බව අනාවරණය කර තිබේ.

බදු ගෙවිය යුතු ආකාරය කෙසේද?

මත්පැන් බෝතලයක මිලෙන් සියයට 75 ක්ම අන්තර්ගත වන්නේ බදු මුදල්ය. එම බදු මුදල මත්පැන් විකුණන අවස්ථාවේදීම පාරිභෝගිකයින්ගෙන් සෘජුවම අය කර ගැනෙයි.

සුරා බදු පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයට අනුව යම් මත්පැන් නිෂ්පාදන සමාගමක් මාසයේ පළමු දින 15 තුළ සිදුකරන නිෂ්පාදන සඳහා වන බද්ද එම මස 16 වනදා සිට 31 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව සඳහන් කර තිබේ.

ඊට අමතරව එම මස 15 වනදා සිට 31 වන දා දක්වා සිදුකරනු ලබන මත්පැන් නිෂ්පාදන සඳහා ගෙවිය යුතු බද්ද එම මස 31 වනදා සිට ඊළඟ මස 15 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවත් එහි සඳහන්වේ.

එසේ ගෙවීම පැහැර හරිනු ලබන බදු මුදල් සඳහා මසකට එම බදු මුදල මෙන් තුන් ගුණයක අධිභාරයක් පැනවීමට ද අදාල වගන්තිය තුළින් සුරාබදු දෙපාර්තමේන්තුවට බලය ලබා දී තිබේ.

“මෙම මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරීමේදී මෙම බදු මුදල් ගෙවා තිබිය යුතු බවත් එම නීතියේ සඳහන් කර ඇත. මෙවැනි බරපතළ නීතිමය ප්‍රතිපාදන තිබියදී මත්පැන් නිෂ්පාදන සමාගම් හිතාමතාම අදාළ බදු මුදල් ගෙවීම පැහැර හරිමින් සිටින අතර සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වග උත්තරකරුවන්ද එම මුදල් අයකර ගැනීම සඳහා අලස ස්වරූපයකින් කටයුතු නොකර සිටින බවත් පෙනී යනවා.” යනුවෙන් පෙත්සන්කරුවෝ සිය පෙත්සමෙන් චෝදනා කර සිටිති.

සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේද?

මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් ආර්ථිකයට අය විය යුතු බදු මුදල් නිසි පරිදි අය නොවීම නිසා දැඩි දුෂ්කර තත්ත්වයක් මතුව ඇතැයි පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මේ නිසා ජනතාව වෙත සැපයෙන භාණ්ඩ හා සේවා වෙනුවෙන් දරාගත නොහැකි ආකාරයේ බදු පැනවීමට රජය කටයුතු කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් සියයට 15 පැවැති වැට් අගය සියයට 18 ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් තව දුරටත් අසීරුතාවකට පත්ව තිබෙන බවත් චෝදනා කර තිබේ.

එසේ තිබියදී සුරා බදු දෙපාර්තමේන්තුව ඇතුළු වගඋත්තරකරුවන් බදු අය කර ගැනීමේ සිය නීත්‍යානුකූල රාජකාරිය හිතාමතාම පැහැර හරිමින් බදු අය කිරීම අතපසු කරමින් සිටින අතර විශාල හිඟ මුදල් ගෙවීමට ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත නීතියට පටහැනි ලෙස තව දුරටත් වාර්ෂික බලපත්‍ර ද නිකුත් කරමින් සිටින බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මේ තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් මෙරට පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම්කරුවෝ පෙත්සම් වලින් චෝදනා කර සිටිති.

අධිකරණයෙන් ඉල්ලා සිටින සහන මොනවාද?

බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් වලට එරෙහිව ගොනුකර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් පහත සඳහන් සහන අධිකරණයෙන් ඉල්ලා තිබේ.

1. මේ දක්වා බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම් සහ ඔවුන් විසින් ගෙවීම පැහැර හැර තිබෙන බදු මුදල් පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කිරීම.

2. මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු බදු ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කර තිබෙන බලපත්‍ර තාවකාලිකව අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම.

3. බදු මුදල් ගෙවීම පැහැර හැර තිබෙන වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් වෙත යළි බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කිරීම.

4. වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් දැනට ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල් අය කරගැනීමට පියවර ගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ මෙම පෙත්සම තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිති.

BBC සිංහල

SendShareShare
Previous Post

තාත්තයි පුතායි මහ රෑ දඩයමේ යද්දී කුරුමාණම වැරදිලා! පුතා ඌරාට තිබ්බ වෙඩිල්ල තාත්තට වැදිලා තාත්තා එතනමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද රනිල් කැම්පස් එකට එනවාට කැලණිය සිසුන් ඊයේ රෑ සිටම විරෝධතා! පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.