පවතින අර්බුදකාරී ආර්ථික වාතාවරණය සමනය කිරීමට මුදල් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනවලට පැහැදිළි සැලැස්මක් නොමැතිවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාරක සභා කිහිපයක සභාපතිවරු පසුගියදා සිය කනස්සල්ල පළකළහ.Sri Lanka Latest News
ඒ මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී රජයේ ආදායම් වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා ගණනාවකින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාදවීම සොයාබැලීම සඳහා මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුව) කැඳවා තිබුණි.
එහිදී අදහස් දක්වමින් ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දාන්ද අළුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සදහා දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවය.










