ජනාධිපතිවරයා චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කර තිබියදී ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශය අදාළ වීඩියෝවේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කොට ඇති බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉතිහාසයම කමිටුවලින් පිරී ඇති බවත්, එසේ කමිටු පත් කොට චැනල් ෆෝ චෝදනා එල්ල වන පුද්ගලයන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බවට සැක මතුවන බවත්ය.










