ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ, ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවයි.
ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බවය.
එම විශ්ලේෂණයෙන් අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන බව අමාත්‍යාංශය පැවසුවේ ය.
එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදු කෙරේ.
ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බවයි.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීය.
සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1550ක් නිකුත් කර තිබූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ය.










