සමගි ජන බලවේගය විසින් අද දිනයේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ වෙත ලිඛිත පොරොන්දුවක් ලබා දීමට නියමිතය.
ඒ, ඉදිරියේදී පිහිටුවනු ලබන සමගි ජන සන්ධාන රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් අත්අඩංගුවට ගන්නා බව දැනුම් දෙමිනි.
මේ සදහා ස්වාධීන යාන්ත්‍රණයක් නිර්මාණය කරන බවත්, ඒ හරහා ප්‍රහාරයට සම්බන්ධ කීසිදු පුද්ගලයකුට නිදහස් වීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.










