විපක්ෂයේ සිටියදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග රහසිගත ගනුදෙනු කරමින් රජයේ විමධ්‍යගත අරමුදලින් කෝටි ගණන් මුදල් ලබා ගත් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවක්ද ඉදිරි දින කිහිපය ඇතුළත එළියට ඒමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම විමධ්‍යගත අරමුදල් සියලු මන්ත්‍රීවරුන්ට හිමිවිය යුතු වුවත් හිටපු ජනාධිපතිවරයා විසින් එවකදී එය ලබා දී තිබුණේ විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණි.
ඒ, විපක්ෂයේ සිටිමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලන වශයෙන් ගනුදෙනු සිදු කළ කිහිප දෙනකුට පමණි.
ඒ අනුව එම හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුවද ඉදිරි දින කිහිපය ඇතුළත රටට අනාවරණය කිරීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.









