වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් කර බුදුපිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිමිවරුන් හතර නම ඇතුළු සැකකරුවන් දස දෙනා යළි ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සූදීන් මහතා නියම කළේය.Sri Lanka Latest News
1981 අංක 57 දරණ වෙරළ සම්පත් පනත කඩකිරීම සම්බන්ධයෙන් වන නඩුව යළි කැඳවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දැක්වූ අතර නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ පනතෙහි වගන්ති ප්‍රකාරව මෙම අධිකරණයට ඇපදීමට බලයක් නොමැති බව පැවසීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙලෙස බන්ධනාගාර ගත වූයේ නැගෙනහිර භික්ෂු පෙරමුණේ සභාපති බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, ත්‍රිකුණාමලය ආනන්දාරාමවාසි (ගිරි හඩු සෑය ශාඛාව ) ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරු සමග එක්සත් ජාතික පක්ෂ ත්‍රිකුණාමල ආසන සංවිධායිකා එම්.එච්.දිපානි, සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති,සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක, ලියනගේ තිලක් පෙරේරා , එම්.සී. පියල් හේමසිරි, ඩික්මන් ජයරත්න යන අයයි.










