කොළඹ මහ නගර සභාවේ මේ වනවිට පැවැත්වෙන මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10කට කල්තැබීමටට නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පියවර ගෙන තිබෙනවා. Sri Lanka Latest News
මහ නගර සභා අඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යායාය පත්‍රය දින 4කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බව සමග ජන බලවේගයේ නාගරිකක මන්ත්‍රී රෝයි බෝගහවත්ත විරෝධය දැක්වුවා.
එය වැරැද්දක්ද නොවේද යන්න පිළිබඳව බෝගාවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාරගෙන් විවෘත සභාවේදී විමසා සිටියා.
ඒ අනුව නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා එය වැරැද්දක් බවත්, මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවත්, විවෘත සභාවේදී ප්‍රකාශ කළා.
ඉන්පසුව නැගී සිටි සමග ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත්කළහොත් එම සභා නීති විරෝධී ඒවා වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සභාව කල්තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස මහේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් යෝජනා කළා. එමෙන්ම එහිදී නැගී සිටි උප නාගරාධිපති හේමන්ත කුමාර පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි.
එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනිය සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා පිටව ගියා.










