2024 නව වසර ආරම්භයේදී mawratanews.lk වෙබ් අඩවිය ඔස්සේ විශේෂ තොරතුරක් පළකරමින් ජනවාරි 01 වැනි දින දේශපාලන පෙරළියක් සිදුවීමට නියමිත බව අප සඳහන් කර සිටියෙමු. (Sri Lanka Latest News)
අප එහිදී නමක් ගමක් සඳහන් නොකළද අලුත් අවුරුදු දින විශාල දේශපාලන පෙරළියක් සිදුවීමට නියමිත බව පෙන්වා දුන්නෙමු.
අප කී පරිදිම එදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක්වීමට පියවර ගෙන තිබිණි.
ශාන් විජයලාල් ද සිල්වා මහතා දකුණේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු කිසිදු දූෂණ චෝදනාවකට ලක් නොවූවකු ලෙස ප්රකටය.
ඒ අනුව, අද අප හෙළිකරන්නේ අද (04) දිනයේදී සිදුවීමට නියමිත තවත් එවැනිම සිදුවීමක් පිළිබඳවය.
එම සිදුවීමට මුල් වන්නේ ප්‍රබල දේශපාලන පරම්පරාවකින් පැවැත එන ප්‍රකට පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා කවුරුන්දැයි බලාගැනීමට අද පෙරවරුව වනතෙක් සියලු දෙනාටම ඉවසා සිටීමට සිදුවනු ඇත.










