• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෝලිම් නෑ කියලා ආර්ථිකය දියුණු වෙලා නෑ! බදුගහලා මිනිස්සු පීඩාවට පත්කරලා! අපි ඉන්නේ ඉතාම භයංකාර තැනක! අපි හදන සජබ ආණ්ඩුවක දූෂණ-වංචා චෝදනා එල්ල වූ අය-ජාතිවාදීන් එකතු කරගන්නේ නෑ! ආර්ථික විප්ලවයකින් රට දියුණු කරනවා! VIDEO I Sri Lanka Latest News

December 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
අමුඩ ලේන්සුව-උදලු තලය-පොහොර-තේ දලු-රබර්-කොප්පරා-ඩීසල්-ගෑස්-පෙට්‍රල්-පෝෂණ ආහාර-දේශීය පොල් කිරි-යන්ත්‍රෝපකරණ-දුරකථන-ඉලෙක්ට්‍රොනික් උපකරණ-වෛද්‍ය උපකරණ-ලොරි-ට්‍රක්-ඇම්බියුලන්ස්! අලුතෙන්ම 18%ක් බදුගහන්න යන බඩු ලයිස්තුව හර්ෂ එළියට දමයි! ආණ්ඩුව කොළේ වහලා ගහන්න යන ගේමත් හෙළිකරයි!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේගය නිර්මාණය කරන සන්ධානයට ජාතිවාදීන් , දුෂණ වංචා චෝදනා එල්ල වුණ පුද්ගලයින් එකතු කර ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.Sri Lanka Latest News

සමගි ජනබලවේගයේ මතවාදවලට එකඟවන , සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙලට එකඟවන පිරිසක් නව සන්ධානයට එකතු කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ජනතාවට බොරු පොරොන්දු ලබාදී , බදු ආදායම් කපා දමා කාර්යක්ෂමතාවය , ඵලදායිතාවය නැතිව රටක් ගොඩ ගැනීමට නොහැකි බවත් රටට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක් බවත් එසේ නැතිව රට ඉදිරියට ගෙනයාම අසීරු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් තොරව ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් තොරව රට ඉදිරියට ගෙනයාමට හැකි බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්න නැති බවත් බදු අයකිරිම් වලට විරුද්ධ වී රටක් ඉදිරියට ගෙනයාමට නොහැති බවත් බදු අයකිරීම් වලට විරුද්ධ වෙනවානම් බදු ප්‍රතිපත්තිය සාධාරණය කරන්නේ කෙසේදැයි විකල්ප සෙවීමට සිදුවනබවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකිදී ඒ මහතා මේ බව පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

‘‘අර්බුදයට පෙර පවුලක් රුපියල් 80,000 කින් පමණ ජීවත් වුණා නමුත් අද සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න 175,000 ක් යන බව රජය කියනවා. පෝලිම් යුගය නැති වුණා කියලා රටේ ආර්ථික තත්ත්වය දියුණු වෙලා නෑ. රජයේ ආදායම වැඩි කරන්න රජය ගත් තීරණ නිසා සමාජය දැඩි පීඩනයකට ලක්වෙලා තිබෙනවා. බදු එකතු නොකළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන වැඩපිළිවෙල කඩා වැටෙන්න පුලුවන්. ඒ වැඩපිළිවෙල කඩා වැටුනොත් රටට අත දෙන්න කෙනෙක් නෑ.

ජනතාවට ඇත්ත කියලා ගොඩ එනවද නැත්නම් මැතිවරණය ජයග්‍රහනය කර ගැනීමට පමණක් ජනතාවට බොරු කියලා රට විනාශ කරලා මහ පාරේ මිනි මරාගන්න තැනට රට පත්කරනවාද කියන ප්‍රශ්නය අපි විකල්ප දේශපාලන පක්ෂ පක්ෂවලින් අහනවා. ඒ වගේම ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් තොර , ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකින් තොර මාර්ගයක් තිබෙනවා කියලා සමගි ජනබලගය කවදාවත් ප්‍රකාශ කරන්න නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා 2020 ඉස්සල්ලාම කිව්වේ මම. එහෙම ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ. ඊලඟ පාර රට වැටුණොත් වැටුනම තමයි.

ජාත්‍යන්තරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර දෙකක් තිබෙනවා. එක් පියවරක තුන් කාලයක් සම්පුර්ණ කරලා ඉවරයි. ඒ තමයි චීන් එක්සීන් බැංකුවේ ණය ප්‍රමාණයත් , ජපානයේ යුරෝපයේ ණයත් , ඉන්දියාවෙන් ගත්ත ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න එකඟවෙලා තිබීම. එකඟවුණාට ගිවිසුම අත්සන් කරලා නෑ. අත්සන් කළ පසුව තමයි නිල වශයෙන් සම්පුර්ණ වෙන්නේ.

දෙවැනි පියවර වන වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය කරන්න සිදු වෙන්නේ චීන එක්සීන් බැංකුවේ ණය ප්‍රමාණය , පැරිස් ක්ලබ් ණය , ඉන්දියාවෙන් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙලා ගිවිසුම අත්සන් කළාට පසුව. මේ කණ්ඩායම් දෙක එකතුවෙන්න පුලුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕන.

බදු වැඩි කිරීමේන් පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. භාණ්ඩවල ඉල්ලුම අඩුවෙනවා. එතකොට රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. රටේ ආර්ථික වර්ධනය වේගයට බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ පරිභෝජනය. රටේ පරිභෝජනය අඩුවෙනකොට ආර්ථික වර්ධනය වේගය පහළ බහිනවා.

වැට් බදු හරහා 2023 ලබාගන්න බලාපොරොත්තු වුණ ආදායමට වඩා දෙගුණයක ආදායමක් 2024 රජය බලාපොරොත්තු වෙනවා. සියයට වැට් බද්ද සියයට 0 තිබුණ භාණ්ඩ වලට සියයට 18 ක වැට් බද්දක් අය කරලා තිබෙනවා.

සමාජවාදී කියා ගන්න පිරිස් පවා ආදායම් බදු අය කරනවාට විරුද්ධ වෙනවා. සියලු බදු වලට විරුද්ධ වෙලා රටක් ගෙනියන්න බෑ. එහෙම විරුද්ධ වෙනවානම් බදු ප්‍රතිපත්තිය සාධාරණය කරන්නේ කොහොමද කියලා විකල්ප හොයන්න වෙනවා. ආණ්ඩුවකට මීට වඩා බදු ආදායමක් ලැබෙන්න ඕන. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 20 ක් බදු අයකළ යුතුයි. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂ බද්ද ගෝඨාභය රාජපක්ෂ සියයට 8 දක්වා අඩු කළා. ඒ අඩු කරපු බදු ආදායම සියයට 18 දක්වා ගෙනියන්න තමයි වර්මාන රජය උත්සහ කරන්නේ.

රජය ආදායම් ලබාගන්නේ සියයට 90 ක්ම බදුවලින්.ඉතිරිය රජයට ලැබෙන්නේ බදු නොවන ආදායම් වලින්. රජයකට බදු නොවන ආදායම් මාර්ග තිබිය යුතුයි. රජයේ ආයතනයකින් ලාභයක් ලැබුණොත් ඒක බදු නොවන ආදායමක්. නමුත් රජයේ ආයතනයක් පාඩු ලැබුවොත් ඒ පාඩුව ගෙවන්න වෙන්නේ රජය එකතු කරගන්නා බදු වලින්.

අපි බංග්ලාදේශයෙන් හිගා කන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා නවත්වපු තැනින් ඉදිරියට යන්නේ නැතුව පහළටනේ ආවේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා නවත්වපු තැනින් ඉදිරියට ගියානම් ලංකාව අත අන්ත දුප්පත් රටක් බවට පත් වෙන්නේ නෑ. ජනතාවට බොරු කියලා , නිකන් දීලා , බදු කපලා දාලා කාර්යක්ෂමතාවයක් නැතින ඵලදායි තාවයක් නැතිව තරග තරන්න බැරි නිසා තමයි රට අද මේ තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි ඒ පාරෙම ගියොත් රට ගොඩ ගන්න බෑ
අපිට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක්. කාර්යක්ෂමතාවය , ඵලදායාතාව නැතිව රටක් දියුණු කරන්න බෑ. මේ සත්‍ය තේරුම් ගන්නේ නැතිව රටත් ඉදිරියට අරගෙන යන්න බෑ.

අපිත් සමඟ එකතුවෙනවානම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන. අපි සතුව ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා ඒ වැඩපිළිවෙලට එකඟවෙන්න ඕන. අපි ජාතිවාදී පිරිසක් නෙවෙයි. අලුත් සන්ධානයක් හැදුවොත් ඒ සන්ධානයට ජාතිවාදි පිරිස් එකතුකරගන්නේ නෑ. අපි හදන සන්ධානය විවෘතයි. හොරු නෙවෙයිනම් අපේ සන්ධානයට අපි එකතු කර ගන්නවා.

හැම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් හොරු ඉන්නවා. හොරු අල්ල දේශපාලන පක්ෂවලට බෑ. දේශපාලන පක්ෂවලට පුලුවන් අවශ්‍ය නීති සම්පානදනය කරලා ස්වාධීන කණ්ඩායමකට බලය ලබාදෙන්න. දේශපාලඥයින් කවදාවත් හොරු අල්ලනේ නෑ. හොර අල්ලන්න ස්වාධීන බලය තිබෙන ආයතනයකට අවශ්‍ය පහසුකම් ලබාදුන්නොත් විතරයි.‘‘

SendShareShare
Previous Post

වැට් එක වදින ලිස්ට් එක මෙන්න I Sri Lanka Latest News

Next Post

‘මංගෝ කළු නැන්දේ… මොකදෑ මේ පැත්තේ…! නත්තල් සමය ඇරඹේ! කාදිනල් හිමියන් සංගීත කණ්ඩායමක් එක්ක හරි ලස්සනට සිංදුවක් කියයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.