උතුරු පළාතට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් උතුරු පළාතේ කුඩා වැව් රැසක් සිදී ඇති අතර, වැව්වල සිටින මාළු දහස් ගණනාවක් ඒ හේතුවෙන් මියගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. (Sri Lanka Latest News)
මුලතිව්,මාන්කුලම වැවේ ජලය සිදී යාම හේතුවෙන් වැවේ මාළු දහස් ගණනාවක් මියගොස් සිටි අයුරු මේ දිනවල දැකගැනීමට හැකිය.
උතුරු පළාතට බලපා ඇති නියඟ හේතුවෙන් වගාවන්ට ජලය ලබා ගැනීමට නොහැකිව ගොවි ජනතාව අසරණව සිටින අතර, ඇතැමෙක් වගාවන් අතහැර දමා ඇත.
පවතින උණුසුම් තත්වය මත වැව්වල පවතින සීමිත ජල ප්‍රමාණය රත්වීමෙන් මාළුන් විශාල වශයෙන් මියයන බව ගොවි ජනතාව සඳහන් කරති.
මාන්කුලම වැවේ අඩි 14ක ජල ධාරිතාවයක් පැවති නමුත්, මේ වන විට වැව පතුල පෙනෙන තෙක්ම සිදී ගොස් ඇති බව ප්‍ර දේශවාසීන් පවසති.
newscenter.










