අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.Sri Lanka Latest News
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ.
එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15,688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.
තවද දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1,368ක පවුල් 57,790ක පුද්ගලයින් 204,597ක් රැඳි සිටින බවත් එම මධ්‍යස්තානය සඳහන් කළේය.










