වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත් මේ එකතු වන සියලු දෙනාම එකතු වන්නේ කොන්දේසි විරහිතව ප්‍රශස්ත ප්‍රබුද්ධ දේශපාලනයක් ක්‍රියාත්මක කිරීමට බවත් මේ රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ පැත්තකට දමා ‘තමන්ට පෙර රට සහ තමන්ට පෙර ජනතාව’ යන උදාර සංකල්පය මත පදනම්ව පවුල් වාදයෙන් තොරව ජනතාවාදයෙන් යුත් දේශපාලන ප්‍රතිපත්තිමය ගමනක් යන්නට මේ සන්ධානය ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා පැමිණි අවස්ථාවේදීය. ඒ අවස්ථාවේදී ඔහුට නාත්තන්ඩිය ආසන සංවිධායක ධුරය ද පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මානුෂීය ධනවාදයත් යුක්තිය සාධාරණත්වය හා සමාජ යුතුකම ඉටු කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් යන මාර්ග 2 මුසු කර ගෙන සමබර මැද මාවතක ගමන් කරමින් සිටින බවත් මෙය වරදාන වරප්‍රසාද ලබන සුන්දර ගමනක් නොව අමාරු ගමනක් බවත් එහි දී තමන්ගේ අයට වඩා ජනතාව ගැන සිතිය යුතු බවත් පැවසීය.












