• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළමනාකරණය බිංදුවයි! සමස්ත ක්‍රියාවලියම අවිධිමත්! නීතිවිරෝධී පත්කිරීම්! අනීතික ගෙවීම්! ජ’පුර රෝහලේ කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට ආවා! I Sri Lanka Latest News

July 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කළමනාකරණය බිංදුවයි! සමස්ත ක්‍රියාවලියම අවිධිමත්! නීතිවිරෝධී පත්කිරීම්! අනීතික ගෙවීම්! ජ’පුර රෝහලේ කෝප් වාර්තාව අද පාර්ලිමේන්තුවට ආවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මානව සම්පත් කළමනාකරණය, වත්කම් කළමනාකරණය, ආදායම් කළමනාකරණය සහ මූල්‍ය කළමනාකරණය යන සියලු අංශවලට අදාළව ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සමස්ත ක්‍රියාවලියම අවිධිමත් බවත්, පසුගිය වසර පහක කාලය තුළ රෝහල අඛණ්ඩව අලාභ ඇති බවත් වාර්තා වේ.Sri Lanka Latest News

ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් සිදුකරන ලද විමර්ශන වාර්තාවෙහි මේ බව සඳහන් වේ. මෙම වාර්තාව අද (24) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන වශයෙන් නීති විරෝධී පත්කිරීම් සහ අනීතික ගෙවීම් හේතුවෙන් විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බවත්, භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් එකී පත්වීම්ලාභීන්ට වැටුප් ගෙවීම සඳහා අවභාවිතා වන ආකාරය මෙයින් පැහැදිලි වන බවත්, විගණකාධිපති විසින් පෙන්වා දී ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දීමනා ගෙවීම්වල අක්‍රමිකතා සහ බඳවා ගැනීමේ පටිපාටි සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

“ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලාවේ නිලධාරීන්ට කර ඇති අනීතික ගෙවීම් සම්බන්ධයෙන් කාරක සභාවට නිරීක්ෂණය විය. 2021 ජූලි 28 සිට 2024 ජූලි 15 දක්වා කාලසීමාව තුළ පුරප්පාඩුවක් හේතුවෙන් වැඩ ආවරණය කිරීමේ පදනම මත නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති අතර, එම නිලධාරියාට නිත්‍ය තනතුරේ වැටුප් හා දීමනා, වැඩ ආවරණය කිරීමේ දීමනා, අමතර රාජකාරී දීමනා සහ ඉන්ධන දීමනා ඇතුළුව විශාල මුදලක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය. ආයතන සංග්‍රහයේ 13.7 වගන්තියට අනුව වැඩ ආවරණය සඳහා පත්කරන ලද නිලධාරියෙකුට අතිරේක දීමනා ලබාදීම නීතිවිරෝධී වන අතර, එම ප්‍රතිපාදනයට පටහැනිව වැඩ ආවරණය කිරීම සඳහා වැටුපෙන් 1/4ක දීමනාවක් ගෙවා ඇති බව කාරක සභාවට නිරීක්ෂණය විය.“

“තවද, රාජ්‍ය සේවයේ සමාන්තර තනතුරු සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල තීරණයකින් අනුමත කළ 35%ක දීමනාවක් ද, විශ්‍රාම වැටුපක් නොමැති වීම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝග්‍යශාලා මණ්ඩලයේ සියලුම තනතුරු සඳහා ද මෙම 35% දීමනාව ලබා දී ඇති අතර, එයද අනීතික බව සභාවට නිරීක්ෂණය විය.“

“මෙම නීතිවිරෝධී ගෙවීම් හේතුවෙන් 2022 දී රුපියල් මිලියන 162.47ක් සහ 2023 දී මිලියන 158කට අධික මුදලක් අතිරේකව ගෙවා ඇති බවද කාරක සභාවට නිරීක්ෂණය විය. මෙම වියදම් විධිමත් කළහොත්, ආයතනය භාණ්ඩාගාර ප්‍රතිපාදන නොමැතිව ද ක්‍රියාත්මක කළ හැකි බව කාරක සභාවට නිරීක්ෂණය වූ අතර, විධිමත් බඳවා ගැනීම් පටිපාටි (SoR) නොමැතිවීම මෙම ගැටළු ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වන බව ද නිරීක්ෂණය විය. එම පටිපාටි සකස් කර 2025 ජනවාරි මාසයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවට කාරක සභාවට අනාවරණය විය.“

මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

SendShareShare
Previous Post

අගෝස්තු 05 දේශබන්දු දොට්ට? I Sri Lanka Latest News

Next Post

මේක කාටවත් තනිවම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි! අපි කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නෑ! මේ ප්‍රතිසංස්කරණ අපි එකට කරමු! අපි ඔක්කොම හවුල් වෙමු! ගමට ගිහින් අවුස්සන්න එපා! අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ජනාධිපති විපක්ෂයේ සහාය ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

Load More
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.