අද විපක්ෂයේ සිටින සියලු දෙනාම ඒසී කාමරවල සිට ෆේස්බුක් ඔස්සේ ආණ්ඩු පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, තමන් එසේ නොමැතිව ජනතාව අතරට ගොස් ජනතාව සමග දේශපාලනය නොව දේශ සේවය සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හැකි නම් තමන් සමග ජනතාව හමුවට පැමිණ ජනතා සේවය සිදුකරන ලෙස මෙම දේශපාලකයන්ට තමන් අභියෝග කරන බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










