මේ දිනවල ක්‍රිකට් පාලක මණ්ඩලය ඉලක්ක කර ගනිමින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සදහා අද දින ක්‍රිකට් බලධාරීන් විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබිණ.Sri Lanka Latest News
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බවය.
එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු ද සහභාගි වූහ.










