වර්ෂ 2023 මහ කන්නයේ වගා සැලැස්මට අනුව ජලය මුදා හැරීමේ නිශ්ඡිත තීරණය ගැනීම සඳහා ඊයේ (26) ගන්නොරුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු සන්නිවේදන මධ්‍යස්ථානයේ දී පැවැත්වුන ජල කළමනාකරණ කමිටු රැස්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිව යුතු නිලධාරීන් රැසක් සහභාගි නොවීම පිළිබඳ ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සිය බලවත් අප්‍රසාදය පළකර තිබිණි. (Sri Lanka Latest News)
වසරකට දෙවතාවක් පැවැත්වෙන ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් රැස්වීමක් වගකිව යුතු නිලධාරීන් විසින් මගහැරීම ඛේදවාචකයක් බඳු තත්තවයක් අවධාරණය කළ ඇමතිවරයා පෙන්වා දුන්නේ සාමුහිකත්වය කැබිනට් මණ්ඩලය තුළ පමණක් නොව රාජ්‍ය නිලධාරී ප්‍රජාව තුළ ද පැවතිය යුතු බවය.
කෙසේ වෙතත් හදිසි රාජකාරි අවශ්‍යතාවක් හේතුවෙන් මෙම රැස්වීමට තමන්ට සහභාගි වීමට නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද දැනුම් දී තිබිණි.
හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, නුවරඑළිය, වවුනියාව ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගි වී සිටියත් ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනාරාල් සහ දිසාපතිවරු නොමැතිව සාකච්ඡා කර තීරණ ක්‍රිියාත්මක කිරීමේ ප්‍රායෝගික අර්බුදය සම්බන්ධව ඇමැතිවරයා මෙහි දි පැහැදිලි කළේය.
කෘෂිකර්ම ඇමතිවරයා වෙත නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගැනීමට අමාත්‍ය රොෂ්න් රණසිංහ ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේය.
මේ අතර ඇතැම් නිලධාරීන් සාකච්ඡාව සිදුවන අතරදී වැඩකටයුතු සඳහා අවධානය යොමු නොකර අන්තර්ජාලයේ සැරිසැරිම සම්බන්ධව ගොවි නියෝජිතවරු ද ස්වකීය බලවත් අප්‍රසාදය පලකරනු දක්නට ලැබිණි.
lankasara










