ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක් ද ඊට ඇතුළත් කර ඇති බවය.
ඒ අනුව මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ට ද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබේ.










