ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86කි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා ඔහුව මුම්බායි නුවර රෝහලකට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබේ.
1937 ඉන්දියාවේ මුම්බායි හිදී උපත ලැබූ මෙම ධන කුවේරයා ඉන්දීය කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කළ මෙහෙය ඇති විශාලය.
ඔහු ටාටා සමුහයේ සහ ටාටා සන්ස් යන සමාගම් වල සභාපති ලෙස 1990 සිට 2012 දක්වා කටයුතු කළේය.
පසුව එම සමාගම්වල පරිපාලනයේ ඇතිවූ යම් යම් ගැටලු හේතුවෙන් ඔහු නැවතත් 2016 ඔක්තෝබර් සිට 2017 පෙබරවාරි දක්වා අන්තර්වාර සභාපතිවරයා ලෙස එම සමාගම් වෙනුවෙන් සිය ශ්‍රමය සහ කාලය වැය කළේය.
ඉන්දීය සමාජයේ විශිෂ්ට පුද්ගලයෙක් ලෙස සැලකෙන රතන් ටාටා එරට පුරවැසියෙකුට ලබාදෙන දෙවැනි ඉහළම සම්මානය වන පද්ම විධූෂන් සම්මානය 2008 වසරේදී හිමිකර ගත්තේය.
ඔහු කෝනල් විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණය පිළිබඳ උපාධිධරයෙකි.
රතන්, ටාටා සමාගම හා එක්වූයේ 1961 වසරේදීය.
1990 දශකය ආරම්භයේදී ටාටා සමාගමේ සභාපතිවරයා ලෙස පත්වූ ඔහු, එම සමාගම ලොව පුරා ප්‍රචලිත කරමින් එය ගෝලීය ව්‍යාපාරයක් ලෙස ඉහළට ඔසවා තැබීමට සමත් විය.
එසේම ලොව ප්‍රකට සමාගම් වන Tetley, Jaguar Land Rover, සහ Corus වැනි සමාගම් සිය පාලනයට ගැනීමට ඔහු සමත්විය.










