• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරපුර හිරේ ලොහාන් නටපු නාඩගම ගැන දෙමළ පක්ෂ කළ හෙළිදරව්ව! (VIDEO)

September 16, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොරෝනා!
Share on WhatsAppShare on Facebook
අනුරාධුපුර බන්ධනාගාරයේ ලොහාන් රත්වත්ත මහතා කළ දෑ සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා  මේ පිළිබඳව තොරතුරු හෙළි කළේ ය.

”12 වැනිදා හැන්දෑවේ බන්ධනාගාරයට නියම කරලා තියෙන ස්ටේට් මිනිස්ටර් අනුරාධපුර බන්ධනාගාරෙට ගිහිල්ලා එහේ හිටපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දෙමළ සිරකරුවන්ව කැඳවලා, විශේෂයෙන්ම දෙන්නෙක්ව දණගස්සලා ඒ ඇමතිවරයාගේ ආරක්ෂාවට තිබුණ පිස්තෝලය අරගෙන ඔළුවටත්, ඇඟටත් එල්ල කරලා ඔහුව විනාඩියකින් මරලා දන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ටිකක් බලන්න, අද හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ PT ගැන විශාල විවාදයක් යනවා. දැන් අර PT එකට යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දේශපාලන සිරකරුවන්ව තමයි ඇමතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ ”

දුෂණ විරෝධි හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් ඇති පසුබිමකදී . එම චෝදනාවලට උත්තර දෙනවා වෙනුවට තවදුරටත් සාක්ෂි සපයමින් සිටින බවයි.

”අද අපේ රටේ ඇමතිවරුන්ගේ විනෝදාංශ අපේ රට බරපතළ ප්‍රශ්න ගණනාවකට තල්ලු කරනවාද?, එහෙම නැත්නම් රටට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුකරනවා ද?, මේ රටේ ජාතික ආරක්ෂාව ගැන පුරාජේරු ගහපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක සැලැස්ම මේකද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. අන්න ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවක් යනවා. රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් තියෙනවා. දැන් ඒ චෝදනාවලට උත්තර දෙන එක වෙනුවට අපි තවදුරටත් සාක්ෂි සපයමින් ඉන්නවා රට ඇතුළේ, ඔව් අපි එහෙම තමයි කියලා කියන්න. රටේ තියෙන්න ඕන එක නීතියයි කිව්වා. අපි අහනවා කෝ නීති”

මෙවන් පසුබිමක ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම පිණිස ජනාධිපතිවරයාගේ නිර්දේශ අයැද සිටී.

එය ජනාධිපතිතුමන් විසින් පිළිගැනීමත් සමග ඔහු බන්ධනාගාර කළමනාකරණ හා සිකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

නමුත් මීට අමතරව ඔහු දරන මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බවක් දැන ගන්නට නොමැත.

ඒ අනුව ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක වරප්‍රසාද තවමත් භුක්ති විදිය හැකියි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටි අතර එවැනි හැසිරීමක් ශිෂ්ට සම්පන්න සමාජයකට පිළීගත නොහැකි බව අවධාරණය කළේ ය.

බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඉල්ලන්නේ ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් මේ සිද්ධිය යටපත් නොකොට නීතිය ක්‍රියාක්මක විය යිතු බවයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන් ද මෙම අමාත්‍යවරයාගේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දී ඇති බවයි.

”බන්ධනාගාර නිලධාරිනුත් මේ ඇමතියාගේ මේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දීලා තියෙනවා. අපිට ඊයේ ආරංචි වුණා අනුරාධපුර බන්ධනාගාරයේ සීසීටීවි දර්ශන මකන්න ලොකු උත්සාහයක් දරනවා කියලා., රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. උදේ 5.30 ත් හවස 5.30 අතරේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ එතකොට මේ නීතිය අනුව කටයුතු කළා ද මේ පුද්ගලයා”

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් පැවසුවේ, සියල්ලට ප්‍රථම ඇමතිවරයා පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි.

”මරු පොරකට සිරකරුවන් පුනරුත්තාපනය කරන්න භාර දීලා තියෙන්නේ. ඔක්කෝටම ඉස්සෙල්ලා මෙන්න මේ මරිබෝල් ඇමතිව පුනරුත්ථාපනය කරන්න ඕනි”

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටින්නේ, ඇමති ඉල්ලා අස්වීඹ ප්‍රමාණවත් නොවන බව ත් මෙවැනි විනය විරෝධී කටයුතු කරන ඇමතිවරු සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් ය.

”ජනාධිපතිවරයා කිව්ව නේ ඝෝඨාභය මහත්තයා ආවොත් සෙල්ලම් බැහැ කියලා. දැන් ඕන තරම් සෙල්ලම් පෙන්නුවෙ ගිහිල්ලා ලොහාන් රත්වත්තේලා. ඒ සෙල්ලම් සම්බන්ධව ඔහු ගත්ත පියවර මොකක්ද ? ලොහාන් රත්වත්තේම ඇවිල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනකල් අඩුමගානේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්න. ඒ නිසා ඔහු ඉල්ලා අස්වෙලා හරියන්නේ නැහැ. මෙවැනි විනය විරෝධී කටයුතු කරන මෙහෙම පිස්සු නටන ඇමතිවරු සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලි කරන්න”

SendShareShare
Previous Post

මෛත්‍රී බුලත් කොළයට පණ දෙන්න හදයි! සූම් එකෙන් රැස්වීමකුත් කැඳවලා!

Next Post

1 සිට 6 දක්වා පාසල් ඇරෙයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.