• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

STF 2ක් CID 4ක් හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න මැඩගස්කර් ගිහින්! බුද්ධි අංශ නිලධාරියා හැලිලා! එකම යානයක් දෙන්නවම ගේන්න අප්‍රිකානු ගුවන් සමාගමක් කැමැති වෙයි! CIDයෙන් පිටට ගෙන ප්‍රශ්න කරන්නත් දැනටම යෝජනාවක් ඇවිත්!

March 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

මැඩගස්කරයට පිටත්ව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම අද (13) හෝ හෙට (14) හරක් කටා සහ කුඩු සළිඳුව රැගෙන මෙරටට පැමිණීමට නියමිතය. පෙරේදා (11) පිටත්ව ගිය සිව් දෙනකුගෙන් සමන්විත මෙම පොලිස් කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරයි.

සෙසු නිලධාරීන් දෙදෙනාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ය.

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම පාතාල අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් නියෝජනය කරන නිලධාරීන්ය.

මෙම කණ්ඩායමට රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුත් ඇතුළත් කිරීමට නියමිතව තිබී ඇත. එහෙත් අවසාන මොහොතේ ඔහුව මෙම ගමනට ඇතුළත්කරගෙන නැත. ඊට මුල්වී ඇත්තේ මූල්‍යමය ගැටලුවක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. මැඩගස්කරය බලා මේ වන විට ගොස් සිටින මෙම කණ්ඩායම හරක් කටා සහ කුඩු සළිඳුව මෙරටට රැගෙන එන්නේ අදාළ ගුවන් සමාගම සමඟ යම් අවබෝධතාවකට එළඹීමකින් අනතුරුවය. එක් අපරාධකරුවෙක් වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙක් අනිවාර්යෙන් අවශ්‍ය යැයි ගුවන් සමාගම් විසින් මෙයට පෙර කොන්දේසි පළකර තිබුණි. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කළ සාකච්ඡාවකින් අනතුරුව එක් අපරාධකරුවකුට දෙදෙ‍ෙනක් බැගින් ආරක්ෂකයන් යොදවා මෙම අපරාධකරුවන් මෙරටට ගෙන ඒමට අවසානයේ දී එක් ගුවන් සමාගමක් එකඟ වී තිබේ. ඒ අප්‍රිකානු ගුවන් සමාගමක් විසිනි. ඒ අනුව මෙම අපරාධකරුවන් දෙදෙනාවම එකම ගුවන් යානයක නංවාගෙන මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම අපරාධකරුවන් දෙදෙනාව මෙරටට රැගෙන ආ පසු රඳවා ගැනීමේ නියෝගයක් ලබාගනිමින් දීර්ඝ ලෙස විමර්ශනයක් පැවැත්වීමට ද මේ වන විට පොලිස් බලධාරීන් තීරණයකර තිබේ. ඊට මුල්වී ඇත්තේ ඔවුන් මත්කුඩු ජාවාරම හා සම්බන්ධ වෙමින් ත්‍රස්ත සංවිධාන සමඟ අවි ගනු-දෙනුවල නිරතව සිට ඇති බවට ඇති තොරතුරුය. ඒ අනුව ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන විමර්ශන පැවැත්වීමට නියමිතය. ඒ අතර මෙම අපරාධකරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිට නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන්ද විවිධ පර්ශ්වවලින් යෝජනා පවා ඉදිරිපත්ව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් පොලිස්පතිවරයා ගෙන නොමැති අතර ඒ ගැන ගැඹුරින් පොලිස්පතිවරයා සිතා බලනු ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැඩගස්කරයේ දී හරක් කටා සහ කුඩු සළිඳු සමඟ 08 දෙනෙක් අත්අඩංගුවට ගත්තද ඒ අයගෙන් රතු නිවේදන ඇත්තේ දෙදෙ‍ෙනක්ට වූ බැවින් මෙරටට මෙසේ භාර දෙනු ලබන්නේ ඔවුන් දෙදෙනාව පමණි. හරක් කටාත් කුඩු සළිඳුත් අත වූ විදෙස් ගමන් බලපත්‍රද ව්‍යාජ බව මේ වන විට තහවුරු වී තිබේ. ඒ බව මැඩගස්කර ආරක්ෂක අංශ විසින්ද මෙරටින් කරුණු විමසා තහවුරුකරගෙන ඇත. සෙසු සැකකරුවන් අතර හරක් කටාගේ බිරිය බව කියන විදේශික කතක් සහ ඇගේ පියා බව කියන පුද්ගලයෙක් සිටියි. ඒ දෙදෙනා හැරුණු කොට අත්අඩංගුවට ගත් සෙසු 06 දෙනාම ශ්‍රී ලංකිකයන් බව තහවුරු වී තිබේ. ඒ අය අතර සිටින හරක් කටා සහ කුඩු සළිදු හැරුණු කොට සෙසු සිව් දෙනාම නීත්‍යනුකූල විදෙස් ගමන් බලපත්‍රවලින් මැඩගස්කරයට ඇතුළු වී ඇති බැවින් සහ රතු නිවේදන ඔවුන්ට නොමැති බැවින් ඒ අය මෙරටට භාරදීමක් සිදුවන්නේ නැත.

එම සිව් දෙනා අතර පානදුරේ සුද්දා සහ තරංග යන පාතාල අපරාධකරුවන් දෙදෙනා ද සිටින බව පැහැදිලිවම හඳුනාගෙන තිබේ. කුඩු සළිඳු සහ හරක් කටා ශ්‍රී ලංකාවට භාර දීමෙන් පසු සෙසු සිව් දෙනා මැඩගස්කරය පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කර මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

පීඩනයට පත් ජනතාව පාරට බහිද්දී ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා! මේවා කඳුළු ගෑස් නෙමෙයි ජීව උණ්ඩ! LTTE එකවත් පාවිච්චි කළේ නැති ඒවා! හිට්ලර්ගේ නාසි ආණ්ඩුව තමයි මේවා ගැහුවේ! හෙලිකොප්ටරේ වසන්ත යාපා මහනුවරින් පාරට බහී! VIDEO

Next Post

අද උදේ සිට අංශ 40ක් වෘත්තීය ක්‍රියාමාර්ගවල! පළාත් 4ක රෝහල්වල වර්ජන! වැඩ නවත්වන කට්ටිය මෙන්න! විසඳුමක් නැත්නම් 15 තීරණාත්මකයි! VIDEO

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.