ලෝකයේ විවිධ රටවල විවිධ රාජ්‍ය නායකයන්ගේ ජීවිතවලට අදාළව නොයෙකුත් ආකාරයේ කතාන්දර අපට විටින් විට හා කලින් කලට අසන්නට ලැබෙයි. එහිදී බොහෝ විට ඔවුන්ගේ ජීවිත චර්යා රටාවන් ගැන පුවත් මේ අනුව සමාජයට හෙළිවෙයි. තමන් කැමැති හා නොකැමැති දේ ගැන එහිදී කතාබහට ලක්වෙයි. සමහර රාජ්‍ය පාලකයන් තමන්ට අවශ්‍ය දේපළ හෝ යානවාහන ගැන හෝ දැඩි උනන්දුවක් දක්වයි. තවත් සමහරුන් තමන්ගේ ධනය එක්රැස් කර ගැනීම ගැන උනන්දු වෙයි. එසේම කාන්තාවන්ට ලොල්වූ නොයෙකුත් රාජ්‍ය නායකයන් ගැනද අසන්නට ලැබී ඇත. මේ පිරිස අතර තවත් සුවිශේෂ ආශාවකට ළැදි රාජ්‍ය නායකයන් කණ්ඩායමක්ද සිටිති. ඔවුන් නම් පරිසරයට සහ වන සත්ව ජීවිතයට ළැදි මෙන්ම ආදරයක් දක්වන රාජ්‍ය නායකයන්ය. පරිසරය රැකගැනීම මෙන්ම වන සත්ව ජීවිතය රැකගැනීම ගැනද ඔවුහු උනන්දු වෙති. එසේම මොවුහු තමන්ගේ එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් ආකාරයේ සුරතල් සතුන් ඇතිදැඩි කිරීමටද කැපවෙති.Sri Lanka Latest News
මෙවැනි විවිධ රුචිකත්වයන් ඇති රාජ්‍ය පාලකයන් අතරින් අද අප කතාබහට ලක්කරන්නේ පරිසරය සහ වනසත්ව ජීවිතයට කැපකිරීමක් සහ නිර්ව්‍යාජ ආදරයක් ඇති ලෝකයේ ප්‍රකට නායකයන් ගැනය. පරිසරය සහ සත්ව ජීවිතයට ආදරයක් දක්වන ඕනෑම පුද්ගලයකුගේ මනස හා හදවත බොහෝ විට සංවේදී, කරුණාවෙන් පිරුණු එකක් යැයි මනෝවෛද්‍ය විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත. එම කාරුණිකභාවය එවැනි පුද්ගලයන් තුළ නිතැතින්ම ඇතිවන එකකි. එහිදී එවැනි සුවිශේෂ ගතිගුණ යම් ලෝක නායකයකු තුළ පිහිටීම තවත් දැඩි අවධානය යොමුකළ යුතු සිදුවීමක් ලෙස සැලකිය හැකිය. මේ ආකාරයේ සුවිශේෂ ගතිගුණ ඇති ලෝක නායකයන් කිහිප දෙනකු ගැන සොයා බලමු. මෙහිදී මෙම පිරිස ප්‍රධාන වශයෙන්ම දේශපාලනික නායකයන් ලෙස සැලකිය හැකිය.
● ඉන්දියාව – වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි යනු සත්ව ජීවිතයට සහ පරිසරයට දැඩි ළෙන්ගතුකමක් දක්වන ලෝක නායකයකු ලෙස ප්‍රකටය. අගමැති නරේන්ද්‍ර මෝදි විවිධ සතුන් කෙරෙහි දැක්වූ ආදරය ඉතා ඈත අතීතයට දිවයන එකක් ලෙස කරුණු ප්‍රකාශ වෙයි. මෙලෙස ඔහු දක්වන සෙනෙහස සමාජය තුළ ප්‍රකට කරුණක්ද වෙයි. ඔහු අගමැති ධුරයට පත්වීමට පෙර සිටම පරිසරයට සහ සත්ව ජීවිතයට ඇල්මක් දැක්වූ බැව් ඒ ආශ්‍රිත සිදුවීම්වල ඡයාරූප දකින විට අවබෝධ වෙයි. ‘ඔහු සතුන්ට ආදරෙයි, සතුන් ඔහුට ආදරෙයි’ යනුවෙන් පසුගියදා පළකෙරුණු මාධ්‍ය වාර්තාවක දක්නට හැකි විය. එනම් පසුගියදා ඉන්දියාවෙන් අසන්නට ලැබුණු එම පුවතින් කියැවෙන්නේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් ඉන්දියාවේ ජම්නගර්හි ‘වන්ටාරා සත්ව ගලවාගැනීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය’ විවෘත කිරීමේ කතාන්දරයකි. මෙහිදී ඔහු ආසියානු සිංහ පැටවුන්, සුදු සිංහ පැටවුන්, වලාකුළු සහිත දිවි පැටවුන් සහ කැරකාල් නමැති කැලෑ බළල් පැටවුන් සමග කෙළිදෙලෙන් සෙල්ලම් කරන ආකාරය දක්නට හැකි විය. මෙම සත්ව මධ්‍යස්ථානයේ තවත් නොයෙකුත් සත්ව වර්ග රාශියක් සිටින අතර, ඉන්දියානු අගමැතිවරයා විසින් රයිනෝ සතුන්ට ආහාර ලබාදෙන දසුන්ද දක්නට හැකි විය. ඉන්දියාව යනු නොයෙකුත් සත්ව විශේෂ රාශියක් වාසය කරන විශාල රටක් වෙයි. ඉහත අගමැතිවරයා විසින් විවෘත කරන ලද සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානය තුළ සත්ව විශේෂ 200ක් පමණ සිටින බව පැවසෙයි. එසේම මෙහිදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ ගණනාවක්ද වෙයි. මෙහිදී අගමැතිවරයා දැඩි කැපවීමකින් එම ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පසුගියදා පළවූ දෙස් විදෙස් මාධ්‍ය වාර්තාවලින් දැකගැනීමට හැකි විය.
● රුසියාව – ජනාධිපති ව්ලැදිමීර් පුටින්
ලොව ප්‍රධානතම රාජ්‍ය නායක බලවතකු වන රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් බොහෝ තදබල සත්ව කරුණාව ඇති පුද්ගලයකු ලෙස ප්‍රකටය. ඔහුද දශක ගණනාවක් පුරා පරිසරයට සහ වන සත්ව ජීවිතයට බොහෝ ආදරයක් දැක්වූ අයකු වෙයි. රුසියාව යනු ඉතා විශාල රාජ්‍යයක් වන අතර, එරට ඇති වන සත්ව සම්පත අතිවිශාලය. එනම් නොයෙකුත් ආකාරයේ වන සත්ව විශේෂ සිය දහස් ගණනක් එරට තුළ ජීවත් වෙති. එසේම එරටට ආවේණික සත්ව විශේෂ මෙන්ම, වඳවී යන සත්ව විශේෂ ගණනාවක්ද රුසියාව තුළ සිටිති. මෙම සතුන් රැකගැනීම කෙරෙහි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර ඇත. ඒ සඳහා විශේෂ මධ්‍යස්ථාන මෙන්ම විවිධ විද්‍යාත්මක ක්‍රමවේදයන්ද ක්‍රියාත්මක කර ඇත. සමහර දුර්ලභ සත්ව විශේෂ නිරීක්ෂණය කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා දුරබැහැර දුෂ්කර ප්‍රදේශවල සංචාරය කරන ආකාරයද ඡායාරූප මගින් දක්නට හැකිය. විශේෂයෙන් තනි හිමෙන් මිදුණු ප්‍රදේශවලට පවා ඔහු බොහෝ විට සංචාරය කරයි. එසේම ඔහු විවිධ සතුන් සඳහා ආහාර පාන ලබාදෙන ආකාරයත්, ඔවුන් සමග කෙළිදෙලෙන් සිටින ආකාරයත් දක්නට හැකිය. ගෝනුන්, මුවන්, කොටින්, ව්‍යාග්‍රයන්, වලසුන්, රාජාලීන් මෙන්ම ඩොල්ෆින් මසුන් සමගද ඔහු ආදරයෙන් සිටින ආකාරය දක්නට හැකිය. එසේම රුසියානු ජනාධිපතිවරයා විවිධ රටවලට සත්ව විශේෂ පරිත්‍යාග කිරීමද සිදුකරයි.
● එංගලන්තයේ (මහා බි්‍රතාන්‍යයේ)
බකින්හැම් මාලිගය, ඇමෙරිකාවේ වයිට් හවුස් ජනාධිපති මන්දිරය සහ එංගලන්තයේ ‘ඩවුනින් ස්ටී්‍රට්’ අංක : 10 අගමැති නිල නිවාසයද විවිධ සුරතල් සතුන් රාශියකට නිවහනක් වී අති ලොව ප්‍රසිද්ධ ස්ථානයන්ය. මෙම රාජ්‍ය නිල නිවාසයන්හි දශක ගණනාවක සිටම ඒවායෙහි පදිංචි වී සිටි රජවරුන්, රැජිනියන්, ජනාධිපතිවරුන් මෙන්ම අගමැතිවරුන්ද නොයෙකුත් වර්ගවල සුරතල් සතුන් රාශියක් ඇතිදැඩි කළේය. විශේෂයෙන් බහුල ලෙස සුනඛ වර්ග, බළලුන් වර්ග සහ කුරුල්ලන් වර්ගද එම නිවහන්වල වූහ. ඇමෙරිකාවේ 26 වැනි ජනාධිපතිවරයා වූ තියඩෝර් රූස්වෙල්ට්ගේ සමයේදී ඇමෙරිකානු ධවල මන්දිර භූමියේ ‘සත්ව වත්තක්’ තිබුණු බවටද ඉතිහාස වාර්තා ප්‍රකාශ කර සිටියි. ඔහු 1901 සිට 1909 දක්වා වසර 08ක් ජනාධිපති ධුරය දැරීය. ඔහුට, බිරිඳ සහ දරුවන් 06 දෙනකු සිටි හෙයින් ධවල මන්දිරයේ විවිධ වර්ගයේ සතුන් රාශියක් හදාවඩාගත් බැව් පැවසෙයි. කුඩා කාලයේ පැටවකු ලෙස හදාගත් මාංශභක්ෂක දරුණු වන සතෙකු වන හයිනා සත්වයකු, විශාල සර්පයන්, රාජාලීන්, මැකෝ ගිරවුන්, වලසුන්, දිවියන්, අශ්වයන් මෙන්ම විවිධ වර්ගවල බල්ලන් හා බළලුන් රැසක්ද එකල ධවන මන්දිරයේ විය. පසුකාලීනව විවිධ සත්ව ආරක්ෂණ නීතිරීතිවලට අනුකූලව මෙවැනි රාජ්‍ය නායක නිවහන්වල ඇතිකරන්නට වූයේ බල්ලන්, බළලුන් සහ කුරුල්ලන් පමණක්ය. තත්ත්වය කෙසේ වුවද ලොව මෙම රාජ්‍ය නායකයන්ගේ සත්ව අවිහිංසා කතාන්දර ඉතා සුන්දරය. අතිශයින්ම රසවත්ය.
මේ ආකාරයට ලෝකයේ රටරටවල සිටින පරිසරයට සහ සත්ව ජීවිතයට ආදරය කරන විවිධ රජ්‍ය නායකයන්, ප්‍රකට දේශපාලකයන් සහ තවත් විවිධ නමගිය පුද්ගලයන්ගේ රසවත් කතාන්දර බොහෝය. එහෙත් මේ සියල්ලක් ලියා තබන්නට මෙහි ඉඩක් නැත. ඒ කෙසේ වුවද මෙම වටපිටාවේදී ශ්‍රී ලංකාව තුළින්ද මෙවැනි සුවිශේෂ මිනිසුන්ගේ වතගොත කිහිපයක් අසන්නට ලැබෙයි. මෙරටද පරිසරයට සහ සත්ව ජීවිතයට අදාරය කළ දේශපාලනික නායකයන් ගණනාවක් ගැන කරුණු අසන්නට ලැබෙයි. මොවුන් සමහරකු වන සත්ව ජීවිතයේ අපූරු, දුර්ලභ අවස්ථා ඡායාරූපයට හසුකරගත් ආකාරයද දක්නට හැකි විය. මෙරට අතීතයේ සිටි ප්‍රකට අගමැතිවරුන් වන ඩී.එස්. සේනානායක මහතා සහ ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම හිටපු අගමැති හා ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාද පරිසරයට අදාළ බොහෝ සේයාරූ ගත් ආකාරය අපගේ ඉතිහාසය කියාපායි. මෙවැනි වටපිටාවකදී අපට නිතැතින්ම මතකයට එන්නේ පසුගිය දශක කිහිපයක් පුරා පරිසරයට සහ වන සත්ව ජීවිතයට මහත් විශාල ආදරයක් දැක්වූ දේශපාලනික නායකයෙකි. ඔහු නම් මෙරට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු අතිශයින්ම පරිසර හිතකාමියකු මෙන්ම ප්‍රකට වන සත්ව ඡායාරූප ශිල්පියකුද වෙයි. ඔහු තමාට විවේක වේලාවක් ලැබුණු බොහෝ අවස්ථාවලදී මෙරට අභයභූමිවල සංචාරය කිරීම ප්‍රකට සිරිතකි. වන සතුන්ගේ ලබාගත් සේයාරූ සිය දහස් ගණනක් ඔහු සතුය. පසුගිය කාලයේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා තමන් ලබාගත් දිවියකුගේ දර්ශනීය සේයාරුවක් (විශාල ප්‍රමාණයේ) ඉන්දීය අගමැතිවරයාට ප්‍රදානය කළේය. එම පරිත්‍යාගය ඔහු ඉතා සතුටින් භාරගත් බවට කරුණු වාර්තා විය.
ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සිටින ප්‍රකට පරිසරහිතකාමියකු මෙන්ම වන සත්ව ලෝලියකුද වෙයි. ඔහු මෙරට අලි ඇතුන් මෙන්ම දිවියන්ද සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතීන්වලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන අතර, එම ක්‍රියාවලීන් ගැන ඔහුගේ ප්‍රකාශවලින් අවධාරණය වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ










