• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ලංකාවේ වමේ ආණ්ඩුව සහ මෝදිගේ ස්වදේශී උත්තරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

August 9, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ලංකාවේ වමේ ආණ්ඩුව සහ මෝදිගේ ස්වදේශී උත්තරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වෙන්න කලින් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉන්දීය අගමැති මෝදිව හැඳින්වූයේ ඔහුගේ ගජ මිතුරෙකු ලෙසය.Sri Lanka Latest News

‘මෝදි කියන්නේ කාටවත් බය නැති මිනිහෙක්. ඔහු රජ වැඩකාරයෙක්. ඔහු මගේ ගජ මිතුරෙක්…’

මේ, ට්‍රම්ප් මෝදිට සහතික දෙන්න පාවිච්චි කළ වචනය. ට්‍රම්ප් යළි ජනාධිපති වූ විට ඔහු හමුවීමට ඇමෙරිකාවට දුවලා ගිය විදේශීය රාජ්‍ය නායකයන් අතර මෝදිද විය. මෝදි ට්‍රම්ප්ව හමුවී සිය සුබපැතුම් එක් කළේය. ට්‍රම්ප් ජනාධිපති වූ අලුත උප ජනාධිපති ඉන්දියාවේ සංචාරයක නිරත විය. උප ජනාධිපතිගේ බිරිය ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවකි. ප්‍රංශයේදී ඇමෙරිකානු උප ජනාධිපතිගේ දරුවන්ගේ උපන්දින උත්සවයටද සහභාගි විය. ප්‍රංශයේ පැරිස් නුවර පැවැති සමුළුවකදී දෙදෙනා යළි හමුවිය. එහිදී ඇමෙරිකානු උප ජනාධිපතිගේ පුතාගේ උපන්දින උත්සවය පැවැති අතර, මෝදිට ආරාධනා කර තිබිණි. මෝදි සතුටින් ඒ උපන්දින සාදයට සහභාගි විය.

ට්‍රම්ප් ඇමෙරිකාව සමග වෙළෙඳ ගනුදෙනු කරන රටවලට නව බදු ගහන්න ගත්තේ මේ කාලයේය. ට්‍රම්ප් නව බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ විගස ඉන්දියානු නියෝජිතයෝ වොෂිංටනයට ගොස් එහි පදිංචි වී බදු ප්‍රතිශතය අඩුකර ගන්න සාකච්ඡා ආරම්භ කළහ. වෙනත් කිසිදු රටක් එලෙස ට්‍රම්ප් බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කළ විගස ඇමෙරිකාවට ගොස් සාකච්ඡා පටන්ගත්තේ නැත. මෝදි සහ ට්‍රම්ප්ගේ ගජ මිතුරුවාදය නිසා ඉන්දියාවට පනවන බද්ද 12%ක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පුරෝකථනය කළහ. ඉන්දියාවට 12%ක් පැනවුවහොත් ලංකාවේ ඇමෙරිකානු ආයෝජකයන් ඉන්දියාවට යනු ඇතැයි ලංකාවද බිය විය. ඒත් හැමෝම පුදුමයට පත් කරමින් ට්‍රම්ප් ඉන්දියාවට පළමුව 25%ක බද්දක් පැනවූයේ දකුණු ආසියාවේ අනෙක් රටවල බදු ප්‍රතිශත අඩුකරමිනි.

ඇයි ඒ…?

හේතුව අනෙකක් නොවේ. ඉන්දියාවේ වෙළෙඳපළට ඇමෙරිකානු කෘෂිකාර්මික භාණ්ඩ සහ සත්ව ආශ්‍රිත නිෂ්පාදන විවෘත කරන ලෙස ට්‍රම්ප් තම ගජ මිතුරා මෝදිගෙන් ඉල්ලා සිටියේය. ඒ කියන්නේ ඇමෙරිකාවේ ආහාර නිෂ්පාදන, කිරි නිෂ්පාදනවලට ඉන්දීය වෙළෙඳපළ විවෘත කළොත් ඉන්දියාවට පනවන බදු අඩුකරන බවට ට්‍රම්ප් සහතික විය.

‘ඒකට ඉඩ දෙන්න බැහැ…’

මේ, මෝදි ට්‍රම්ප්ට දුන්න පැහැදිලි උත්තරයය. ඔහු ඒ උත්තරය දීලා වර්ණාසිවලට ගිහින් රැස්වීමක් තියලා ඔහු කීවේ ඔහුට ට්‍රම්ප්ගේ මිත්‍රකමට වඩා ට්‍රම්ප්ගේ බදුවලට වඩා ඉන්දියාවේ ගොවියන්, කිරි ගොවියන්, සුළු කර්මාන්තකරුවන් වටිනා බවය.

‘අපි ස්වදේශී. අපේ ස්වදේශී ගොවියන්, කිරි ගොවියන්, තරුණ ව්‍යවසායකයන් පාවාදෙන්න මට බැහැ…’

මෝදි මහ හයියෙන් කියද්දී වර්ණාසිවල මිනිස්සු කන් පැළෙන්න අත්පුඩි ගැසූහ.

මෝදි කිව්වා හරිය.

ට්‍රම්ප්ගේ කොන්දේසිවලට එකඟ වී ඇමෙරිකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන, කිරි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපළ විවෘත කළොත් ඉන්දියාවේ ගොවියා, කිරි ගොවියා හාන්සිය. ඇමෙරිකාවේ නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපළ විවෘත කළහොත් ඉන්දියාවේ මෝදි දේශපාලනයද ඉවර වන බව භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන න්‍යායාචාර්යවරු පෙන්වා දුන්හ.

‘අපි ස්වදේශී’

මෝදි රටටම ඇහෙන්න කෑගහලා කීවේ එලෙසය. ඉන්දියාව රුසියාවේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවෙකි. ඉන්දියාව දිගටම රුසියාවේ තෙල් ගත්තොත් බද්ද තව වැඩිකරන බවට ට්‍රම්ප් තර්ජනය කළේය. ට්‍රම්ප්ගේ තර්ජන නොතකා ඉන්දියාව තෙල් ගනුදෙනුව දිගටම කරගෙන යන්න තීරණය කළේය. ට්‍රම්ප් ඉන්දියාවට ගහන බද්ද තව 25%කින් වැඩි කළේය.

ට්‍රම්ප්ට ඉන්දියාව එක්ක තියෙන අනෙක් ප්‍රශ්නය ඉන්දියාව, චීනය, රුසියාව එක්ව හදපු බි්‍රක්ස් සංවිධානයය. එම සංවිධානයෙන් ඉවත් වන ලෙස ට්‍රම්ප් ඉන්දියාවට බල කළේය. ඉන්දියාව බැහැ කීවේය.

ලංකාව බි්‍රක්ස් සංවිධානයට එකතු වෙන්න අයැදුම්පත් දැම්මේ දැඩි ඇමෙරිකානුවාදී රනිල්ගේ කාලයේය. ලංකාව බි්‍රක්ස් සංවිධානයට එක්කරගන්නා ලෙස ඉල්ලමින් රනිල් බි්‍රක්ස් සංවිධානයේ අනෙක් රටවලට ඉල්ලීමක් කළේ ඇමෙරිකාව බි්‍රක්ස් සංවිධානයට තදින්ම විරුද්ධ බව හොඳින් දැනගෙනය. රුසියාවේ 2024 පැවැත්වෙන බි්‍රක්ස් සමුළුවට සහභාගි වෙන්න රනිල් පුල පුලා බලා සිටියේය. රනිල් පරාජයට පත්විය. අනුර ජනාධිපති විය. මෙරට රුසියානු තානාපති අනුර හමුවී රුසියානු ජනාධිපති පුටින්ගේ විශේෂ ආරාධනා පත්‍රයක් භාරදුන්නේ දැන් ලංකාවේ ඉන්නේ රුසියාවට පක්ෂපාතී වමේ ජනාධිපතිවරයෙක් කියා සිතාගෙනය. පුටින් ආරාධනා කළේ රුසියාවේ බි්‍රක්ස් සමුළුවට එන්න කියාය. අනුර මගහැරියේය. ඔහු බි්‍රක්ස් සමුළුව මගහැරියේ ඇමෙරිකාව සතුටු කරන්නටය.

හැබැයි ඇමෙරිකාව එහෙම සතුටු කරන්න බැරිය. ඇමෙරිකාව ලංකාවට පනවපු 30% බදු ප්‍රතිශතය අඩු කරන්න ඇමෙරිකාව කොන්දේසි ගොඩක් දැම්මේය. එම කොන්දේසි හෙළිකළ නොහැකි බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා තිබේ.

‘ඒ කියන්නේ වමේ ආණ්ඩුව ලංකාවේ ගොවියා පාවලා දීලාද…?’

කියන්න දන්නේ නැත. හෙළිකරන්න බැරි එකඟතා තව ටික කාලයකින් එළියට එනු ඇත. මොකද ට්‍රම්ප් සමග සෙල්ලම් කරන්න බැරිය. එකඟතා සඳහා ගිවිසුම් අස්සන් නොකළොත් බද්ද ඩබල් කරන බවට බදු සහනය දුන්න රටවලට ට්‍රම්ප් තර්ජනය කර ඇත.

‘එතකොට මෝදිගේ ආණ්ඩුව ස්වදේශී වෙලා ලංකාවේ වමේ ආණ්ඩුව පරදේශී වෙයිද…?’

කියන්න දන්නේ නැත. රෝහණ විජේවීර ජවිපෙ ගොඩනගන්නේම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිවය. ඇමෙරිකාවේ බදු ප්‍රතිශතය අඩුකරන්න එහෙව් ජවිපෙ ආණ්ඩුව ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ඉදිරියේ දණින් වැටී තිබේ. ට්‍රම්ප්ගේ බදු උගුලකි. රටක දේශීය කෘෂිකර්මාන්තය, කර්මාන්ත නැතිභංග කරන උගුලකි. ඉන්දියාව ඒ උගුලෙන් බේරුණි. ලංකාව හසුවිය. ලංකාවේ වම ඇමෙරිකාවට දැන් ඇමක් වී තිබේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොලිස්පතිකමෙන් දොට්ට දැම්මත් පොලිසියට ‘පොලිස්පති’ තවමත් දේශබන්දු! I Sri Lanka Latest News

Next Post

දළදා පෙරහර බලන්න අනුර නුවර ගිහින්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.