ලලිත් කුමාර් වීරරාජ් සහ කුහන් මුරුගානන්දන් සහෝදරවරුන් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබිණි. Sri Lanka Latest News
නඩුවට අදාළ සාක්ෂි විමසීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ අතර ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම අධිකරණය මගහැර සිටියේය.
අවසානයේ ඔහුගේ නීතිඥයන් පැවසුවේ යාපනයේ නොව කොළඹ අධිකරණයකදී සාක්ෂි දීමට ගෝඨාභය රාජපක්ෂ සූදානම් බවයි.
ඒ අනුව ගෝඨාභය සාක්ෂි ලබා දෙන අධිකරණය කුමක්දැයි එකඟතාවකට පැමිණීමට අද දිනයේ නියමිතව තිබූ නමුත් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරයකු නොපැමිණීම නිසා නඩුව නැවත ජූලි මස 30 වැනිදාට කල් තබනු ලැබීය.










