බර්මියුඩා ත්‍රිකෝණය ලඟ තියෙන නැවක් ආධුනික කපිතාන් කෙනෙකුට බාර දිය නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ධූරය බාර දීමට පොහොට්ටුව තීරණය කළේ එම නිසා බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










