“මූල්‍ය විචක්ෂණභාවය සහ වගකිවයුතු පාලනය” ලංකාවේ අර්බුදයෙන් රටට උගත යුතු පාඩම් බවත්, “නොමිලේ දෙන සංස්කෘතියක්” නොතිබිය යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ පැවැති සර්ව පාක්ෂික සමුලුවේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පැවසීය.
අඟහරුවාදා පැවති රැස්වීම අමතමින් විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැහැදිලි කළේ ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට සහ සිංගප්පූරුවට පිටවීම සඳහා ඉන්දියාව කිසිදු ආකාරයකින් “පහසුකම්” නොසැපයූ බවත් මෙය තීරණය කළේ එම රටවල් බවත්ය.
කෙසේ වෙතත් ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන සහයෝගය වෙනත් කිසිදු රටක් ශ්‍රී ලංකාවට ලබා දී නොමැති බව ද ඔහු සඳහන් කළේය.