• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආසියාවේ සමගියට කිසිම හානියක් වන දෙයකට ලංකාව අනුබල දෙන්නේ නෑ! චීන තානාපති ළඟ තියාගෙන රනිල් කියයි! PHOTOS

May 11, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ආසියාවේ සමගියට කිසිම හානියක් වන දෙයකට ලංකාව අනුබල දෙන්නේ නෑ! චීන තානාපති ළඟ තියාගෙන රනිල් කියයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි දශක දෙක තුළදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙන යාමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (10) පස්වරුවේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50 ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

වසර 50ක කාලය තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට උත්සව හා ප්‍රදර්ශන අංශවලින් වැඩි ආදායමක් ලබාදුන් ආයතනවලට සමරු තිළිණ ලබාදීම ද සිදු කෙරුණු අතර ප්‍රදර්ශන අංශය වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත්, උත්සව අංශය වෙනුවෙන් බ්‍රිටිස් කවුන්සිල් ආයතනයත් ජනාධිපතිවරයා අතින් සමරු තිළිණ ලබා ගත්හ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගු වෙනවා. මෙම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමගිය සම්බන්ධයෙන් පෙන්වාදිය හැකි හොඳ උදාහරණයක් බව කිවයුතුයි.

මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමගිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමගියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළයුතුයි.
ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමගිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි. එමෙන්ම ආසියාවේ සමගිය බිඳ හෙලීමට කිසිදු අයුරකින් ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ද මම අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ හමුදාව අප්‍රිකානු කලාපයේ සහ වෙනත් රටවල රාජකාරියේ යොදවා තිබෙනවා. එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම මුහුදු මංකොල්ල කරුවන්ගෙන් එම රටවල් මුදවා ගැනීමට අපේ හමුදාව පුළුල් දායකත්වය සපයනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැංහොන්ග් Qi Zhenhong, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට , ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ සුනිල් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-11

SendShareShare
Previous Post

කළුතර සිසුවියන් 16 දෙනකුගේ නිරුවත් වීඩියෝ 16ක් ලැප්ටොප් එකේ තියාගෙන සිටි ගණිත ගුරා අල්ලයි! ඔත්තුව දුන්නේ නීත්‍යනුකූල බිරිය!

Next Post

පොඩි ළමයින්ගේ පින්තූර ෆේස්බුක් දමා ලංසු තබා වෙන්දේසි කළ අවුරුදු 40ක ක්ලාක් කෙනෙක් අල්ලයි!

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.