හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාමසේවා වසම් රැසක ව්‍යාප්තව සිටින මුවන් සුදුසු ප්‍රදේශයකට මුදාහැරීමට තීරණය කර තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පා.ම. අරුණ පනාගොඩ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ඔහු පවසා සිටියේ 1500ත් 2500ත් අතර මුව ගහනයක් සිටින බවත්, ඔවුන් ගොවි ජනතාවගේ සියලුම දේ විනාශ කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා,
“අපේ හෝමාගම ආසනයේ ග්‍රාමසේවා වසම් 5ක 6ක මහ දැවැන්ත මුව ගහනයක් ඇතිවෙලා තියෙනවා. මේ තත්ත්වය නිවැරදි කරන්න අපි අවුරුදු ගාණක් කටයුතු කළා. වනජීවි දෙපාර්තමේන්තුව මේ වනවිට මේ සත්තු මෙතනින් ඉවත්කරන්න ප්‍රවේශයක් අරගෙන තිබෙනවා.
එම දෙපාර්මේන්තුවත් එක්ක එකතුවෙලා ආසනයේ ඉන්න මුව ගහනය ගණනය කරන්න සමීක්ෂණයක් පටන් ගත්තා.
දැනට තොරතුරු ලැබිලා තියෙනවා 1500ත් 2500ත් අතර මුව ගහනයක් හෝමාගම නගරය ආශ්‍රිතව ග්‍රාම සේවා වසම් 5ක 6ක ගොවි ජනතාවගේ සියලුම දේවල් විනාශ කරමින් ඉන්න බවට.
ඒ නිසා අපි තීරණය කර තිබෙනවා ඔවුන් ඉතාම ආරක්ෂිතව අල්ලගෙන සුදුසු ප්‍රදේශයකට මුදා හරින්න” යනුවෙන් පැවසීය.










