• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

July 16, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර ජයකොඩි ට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති මහා පරිමාණ දූෂණ නඩුව ඊයේ (ජූලි 15) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවලට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ සාක්ෂිවල පවතින බරපතළ පරස්පරතා රැසක් විවෘත අධිකරණයේදී අනාවරණය විය.Sri Lanka Latest News

2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින්, එහි ගබඩා සංකීර්ණය කාපට් කිරීමේ කොන්ත්‍රාත්තුව “ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන්” නැමැති පෞද්ගලික සමාගමකට පවරා රජයට රුපියල් 8,859,708ක (ලක්ෂ 88ක) පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල නියෝග කළේය.

සාක්ෂි කූඩුවේදී හෙළිවූ තීරණාත්මක කරුණු

අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි ගේ මෙහෙයවීම මත සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නේය.

වැඩක් නෑ – මුදල් ගෙවලා:

ලංකා පොහොර සමාගමේ හිටපු ප්‍රසම්පාදන විධායක නිලධාරිනී දීපිකා ඩයස් ප්‍රකාශ කළේ නිසි ලංසු තේරීමකින් පසු 2014 පෙබරවාරි 18 වැනිදා අදාළ සමාගම සමඟ ගිවිසුම් අත්සන් කර රුපියල් අසූ අට ලක්ෂයකට අධික අත්තිකාරම් මුදලක් ගෙවූ නමුත්, ගබඩාවේ කිසිදු කාපට් ඇතිරීමක් සිදු නොවූ බවයි.

විත්තිකරු හමුවී ප්‍රකාශ වෙනස් කිරීම:

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස කළ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකාරිය පිළිගත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් පැවති අභ්‍යන්තර පරීක්ෂණයේදී ඇතැම් කරුණු නොදැන සිටීම නිසා තමා වරින් වර විත්තිකාර කුමාර ජයකොඩි හමුවී කරුණු දැනගෙන කටඋත්තර ලබා දුන් බවයි.

සභාපතිගේ අනුමැතිය සහ ඇපකරය සතු කරගැනීම:

සමාගමේ හිටපු මුදල් කළමනාකරු පී. සමරවීර සාක්ෂි දෙමින් කියා සිටියේ විත්තිකරු මෙම මුදල් ගෙවීම නිර්දේශ කළ බවත්, එම නිර්දේශය නොතිබුණේ නම් මුදල් ගෙවීමට ඉඩක් නොලැබෙන බවත්ය. කෙසේ වෙතත්, විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු පිළිගත්තේ මෙම මුදල් ගෙවීම අවසාන වශයෙන් අනුමත කර ඇත්තේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා බවයි. වැඩ නිම නොකිරීම නිසා පෞද්ගලික සමාගම තැබූ බැංකු ඇපකරය පොහොර සමාගම සතු කරගත් බවද ඔහු පැවසීය.

අල්ලස් කොමිසම කොටු කළ විනිසුරුගේ ප්‍රශ්න වැල

නඩු විභාගය අතරතුරදී මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින් අල්ලස් කොමිසමේ විමර්ශනවල පවතින අඩුපාඩු කිහිපයක් සෘජුවම ප්‍රශ්න කළේය.

අනෙක් සාමාජිකයන් නිදහස් කළේ ඇයි?:

අදාළ කොන්ත්‍රාත්කරු තේරූ ප්‍රසම්පාදන කමිටුවේ විත්තිකරුට අමතරව තවත් සාමාජිකයන් සිව්දෙනෙකු සිටියදී, ඔවුන්ට එරෙහිව පරීක්ෂණ නොකළේ මන්දැයි විනිසුරුවරයා විමසීය. සෙසු සාමාජිකයන් සහය දීම පමණක් කළ බව අල්ලස් කොමිසම පැවසුවද එය අධිකරණයේ දැඩි අවධානයට ලක් විය.

ගිවිසුමේ කාලසීමාවක් නෑ:

කොන්ත්‍රාත්තුවට අදාළ මුල් ගිවිසුම් පිටපත පරීක්ෂා කළ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, කාපට් ඇතිරීමේ කටයුතු අවසන් කළ යුතු කාලසීමාව හෝ අත්තිකාරම් මුදල් ගෙවීම් පිළිබඳ කිසිදු සඳහනක් එම ගිවිසුමේ නොමැති බවයි. චෝදනා ඔප්පු කිරීමට නම් කාලසීමාව අතිශය තීරණාත්මක බැවින් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

ලබන සැප්තැම්බර් 7 වැනිදා නඩුවේ වැඩිදුර සාක්ෂි දීම සඳහා තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කෙරිණි.

SendShareShare
Previous Post

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

ගොයියො.. බයියො.. ටොයියො..! අපි බලාගමු! ගොයියෝ පාරට බහින්නයි හදන්නේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-නාමල් කරුණාරත්න…! ගොවියෝ කියන මේ කතා ටික නම් අහන්න එපා! VIDEO I Sri Lanka Latest News

මේක පුදුම රටක්! දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලාට අවශ්‍යම විටමින් වර්ගයක් රටේ නෑලු! Sri Lanka Latest News
Exclusive

ලිංගික අධ්‍යාපනය කෝ? ගිය අවුරුද්දේ බාල වයස්කාරියන් 8700ක් ගැබ් අරන්! හේතුව නොදැනුවත්කම! VIDEO I Sri Lanka Latest News

Load More
විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ලෙස මුදල් ලබා ගත් බවට එල්ල වූ චෝදනා හේතුවෙන්, ටීවීකේ පක්ෂයේ චෙංගල්පෙට් නැගෙනහිර දිස්ත්‍රික් ඒකාබද්ධ ලේකම් එන්වී වීර නොහොත්...

Read more
නඩු දෙකකට පෙනී ඉඳලා නෑ! මාලිමා මන්ත්‍රී ජගත් මනුවර්ණට උසාවියෙන් වරෙන්තු! I Sri Lanka Latest News

බැංකුවකට හොර ලේඛන දී කෝටි දෙකහමාරක් වංචා කිරීම! මාලිමා මන්ත්‍රී මනුවර්ණගේ නඩුව නීතිපතිට යොමු කරයි! I Sri Lanka Latest News

අලුත් බලශක්ති ඇමැති විශේෂ නියෝගයක් කරයි! උද්ඝෝෂණ කරලා වැඩ තහනමට ලක්වෙච්ච විදුලි සේවකයන් 62ක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවයි! VIDEO I Sri Lanka Latest News

කුමාර ජයකොඩිගේ නඩුවේදී කවුරුත් නොදැන සිටි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් කරලා නෑ! සල්ලි ගෙවලා තියෙන්නේ කුමාර ජයකොඩි කියපු නිසා! ගිවිසුමේ කාලසීමාවක් දාලත් නෑ! එක සාක්ෂිකාරියක් සාක්ෂි දීලා තියෙන්නේ කුමාර ජයකොඩිත් එක්ක කතා කරලා! අල්ලස් කොමිසමටත් විනිසුරුගෙන් ප්‍රශ්න ගොඩක්! I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ඇඟට දැනෙන්නම එනවා! සම්භාවිතාව 80%ට නගී! අගෝස්තු-සැප්තැම්බර්-ඔක්තෝබර් ලංකාවට වෙන්න යන දේ මෙන්න කාලගුණෙන් කියනවා! දැන් තියාම ලෑස්ති වෙන්න! VIDEO I Sri Lanka Latest News

එකතුවෙලා කොළඹ ගොඩනගමු! දිනපු බල්තසාර්ගෙන් 117ටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා සුපිරියටම හදපු නිදහස් චත්‍රරශ්‍රය දැන් භයානක තැනක් වෙලා! ව්‍රායිගේ කොළඹ නගර සභාව බුදි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.