• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු ගැන හිතාගන්නවත් බැරි මාර කතා ටිකක් උසාවියේදී එළියට ඇදෙයි! විවෘත වරෙන්තුවක් නිකුත් වූ සැකකරුවෙක් ටයිකෝට් ඇඳගෙන බෙන්ස් එකකින් ඇවිල්ලා අධිකරණ ශාලාවේ පුටුවක වාඩිවෙලා ඉන්නෙ කොහොමද? විවෘත වරෙන්තුකරුවෙක් ඉන්න ඕන බංකුවේ නෙමෙයි කූඩුවේ! මොහුගේ නමට කිසිඳු ලියාපදිංචි දේපළක් අඩුම තරමින් ෆුට්බයිසිකලයක්වත් නැහැ! නමුත් නිල නොවන මට්ටමින් මොහුට ගෙවල් 08ක් තියෙනවා! එක ගෙදරක් තනිකරම ස්කාගාරයක්! පවුලේ කිසිවෙකුත් 2021 වසරේ ඉඳලා ඡන්ද හිමි නාමලේඛනයේ නෑ! මොහු හොල්මනක්! වැඩ කරලා තියෙන්නේ තනිකරම අපරාධ කල්ලියක නායකයෙක් වගේ! VIDEO I Sri Lanka Latest News

March 20, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් වී තිබී මාතර අධිකරණයට ඉදිරිපත් වූ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකලාපය අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි ලෙස විවේචනය කර තිබේ. Sri Lanka Latest News

ඔහු වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පතිවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුට සමානකිරීම විශේෂත්වයක්.

දින 20ක් සැඟව සිටි තෙන්නකෝන් මහතා මෝසමක් මගින් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් වූ අතර, එහිදී හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා නියෝග කළේය.

නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පළමුව කරුණු දැක්වීම සිදුකළේ ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාය.

“මේ අවස්ථාවේ ඔබතුමන්ගේ අධිකරණයට සලකා බැලීමට තිබෙන්නේ මොහුට ඇප ලබාදෙනවාද නැද්ද යන නියෝගය. ඇප ප්‍රතික්ෂේප කිරීමටනම් සැකකරුවෙක් විමර්ශනවලට සහය පළ නොකර අධිකරණය මඟහැරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමක් කරන බවට තහවුරු වෙන්න ඕනේ. 

නමුත් අභියාචනාධිකරණයේ නෛතික සහන ප්‍රතික්ෂේප වූ පසු ලද පළමු අවස්ථාවේම මෙම අධිකරණයට පැමිණ තිබෙනවා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් මොහුගේ වැඩ තහනම් කෙරුණත් මොහු තවමත් ශ්‍රී ලංකාවේ පොලිස්පති. 

මොහු පොලිස්පති තනතුරට පත්වූ පසු පාතාලයට සහ මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව යුධ ප්‍රකාශ කළා ‘යුක්තිය’ නමින්. ඒ නිසාම මොහුට ජීවිත තර්ජන තිබෙනවා. යම් හෙයකින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. 

එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මාගේ සේවාදායකයාව ඇප මත මුදා හරින ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් පැවසීය.

අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීම ඇරඹූ අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අධිකරණයට ඉදිරිපත් වූ ආකාරය පිළිබඳ දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. 

” ස්වාමිනි, අද උදෑසන මට දැනගන්න ලැබුණා විවෘත වරෙන්තුවක් නිකුත් වූ සැකකරුවෙක් ටයි කෝට් ඇඳගෙන බෙන්ස් වර්ගයේ මෝටර් රථයකින් ඇවිල්ලා අධිකරණ ශාලාවේ පුටුවක වාඩිවෙලා ඉන්නවා කියලා. 

ඒ නිසයි නීතිපතිවරයා වෙනුවෙන් මම මෙහි ආවේ. හිතුවද දන්නේ නැහැ මෝසම පිළිබඳ අපිට දැනුම්දීමක්වත් කරන්නේ නැතුව හොර පූසෝ වගේ උසාවියට ඇවිල්ලා පාළු ගෙයි වළං බිඳලා ඇප අරගෙන යන්න. 

මම අහන්න කැමතියි ස්වාමිනි විවෘත වරෙන්තුකරුවෙක් කූඩුවේ නොසිට ඇයි මෙහෙම බංකුවේ ඉඳගෙන ඉන්නේ කියලා. 

ස්වාමිනි, අපරාධකරුවෙක්ට සිංහ ලීලාවෙන් ඇවිල්ලා මෙහෙම බංකුවක වාඩිවෙලා ඉන්න බැහැ. Phone Off කරගෙන, යටිකුට්ටු වැඩ, උප්පරවැට්ටි, අංචි අදිමින් දින 20ක් අධිකරණය මඟහැර සැඟව සිටි මොහු සුපිරි රංගන ශිල්පියෙක්. 

මොහු පොලිස්පති ලෙස රාජකාරි කරද්දි කිව්වා ‘නීතිඥවරුන් තමයි අපරාධකරුවෝ ආරක්ෂා කරන්නේ කියලා’ එහෙම කියපු ඔහුටම අද නීතිඥවරු වටකරගෙන අධිකරණයට එන්න වෙලා තියෙනවා. 

මේක ස්වාමිනි W15 හෝටලයට වෙඩි තැබීම පිළිබඳ නඩුවක් නොවෙයි. ‘මේක දිට්ඨ ධර්මවේදනීය කර්මය පිළිබඳ නඩුවක්’. මොහුගේ කර්මයයි මේ ආත්මෙදීම පලදීලා තියෙන්නේ “.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් දේපළ සම්බන්ධයෙන්ද, ඒ ආශ්‍රීතව සිදුකළ විමර්ශන පිළිබඳවද අධිකරණයට කරුණු වාර්තා කළේය.

” ස්වාමිනි, ඔබතුමන්ගේ අධිකරණයෙන් ඉකුත් මස 27 වනදා නියෝගය නිකුත් කළදා පටන් ප්‍රභාකරන් සොයනවා වගේ මහා සේනාවක් මොහුව සොයා මෙහෙයුම් දියත් කළා. 

ඊයේ මොහුගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේ විදේශයක නිෂ්පාදිත මත්පැන් බෝතල් 795ක් හමුවුණා. රජයේ සේවකයින්ට තුටු පඬුරු ගන්න බැරි පසුබිමක හැප්ම්පර් විතරක් එකසිය ගාණක් තිබ්බා. ඔක්කෝම බෝතල්වල වටිනාකම කෝටිගණනක්. ඒක ස්වාමිනි ගෙයක් නෙමේ, සම්පූර්ණයෙන්ම ස්කාගාරයක්. 

රක්ෂිත බන්ධනාගාරගත කරන්න එපා ජීවිත තර්ජන තියෙනවා කියන මොහු දින 20ක් සැඟවිලා හිටියේ තමන්ගේ රාජකාරි ගිනි අවියත් නිවසේ ඇඳුම් අස්සේ සඟවලා. 

ස්වාමිනි, මොහුගේ නමට කිසිඳු ලියාපදිංචි දේපළක්, අඩුම තරමින් ෆුට් බයිසිකලයක්වත් නැහැ. නමුත් නිල නොවන මට්ටමින් මොහුට ගෙවල් 08ක් තියෙනවා කියලා දැනට අනාවරණය වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ සංවිධානාත්මක අපරාධකරුවෝ වන මධුෂ්ට හෝ හරක්කටාටවත් මෙහෙම සූක්ෂමව වැඩ කරන්න බැහැ කියලා. 

අපි තවත් දෙයක් සොයාගත්තා ස්වාමිනි. අදටත් රටේ පොලිස්පති කියන මොහු හෝ පවුලේ කිසිවෙකුගේ නම් 2021 වසරේ ඉඳලා ඡන්ද හිමි නාමලේඛනයේවත් ඇතුළත් වෙලා නැහැ. He is a Ghost. මොහු ඇත්තටම අද්භූත පුද්ගලයෙක් “.

එම කරුණු දැක්වීම අවසානයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර දේශබන්දු තෙන්නකෝට ඇප ලබාදීමට විරෝධය පළ කළා.

” ස්වාමිනි, මේ අවස්ථාවේ තියෙන්නේ ඇප ලබාදීම තීරණය කිරීමක් නොවෙයි. ඉකුත් 27 වනදා ඉඳලා සැඟවිලා සිටියේ කොහෙද කියන එක සොයන්න. 

27 වෙනදා ඉඳලා අද වෙනකං හිටියේ කොහේද කියලා දවසක් ගානේ අපිට කියන්න ඕනේ. සැඟව සිටින්න ආධාර අනුබල දීපු හැම කෙනෙක්වම සොයලා අපි මේ අධිකරණයට ගේනවා. 

ඒ වගේම ඉතිරි 07ත් දෙනාට එරෙහිව නෛතික පියවර නොගන්නා බවට වූ එකඟතාවය දැන් වලංගු නැහැ. ඔවුන් වහාම අධිකරණයට ඉදිරිපත්වෙන්න ඕනේ. අද දිනයේ ඔබතුමන්ගේ අධිකරණයෙන් සමාජයට පණිවුඩයක් දෙන්න ඕනේ නීතිය සැමට සමානයි කියලා. 

එක එකාට ඕන විදිහට කට්ටි පැනලා නිදාගෙන ඉඳලා ඇහැරිලා ටයි කෝට් ඇඳගෙන උසාවි ඇවිල්ලා ඉඳගන්න බැහැ කියලා. එබැවින් ස්වාමිනි මොහු සම්බන්ධයෙන් තව බොහෝ විමර්ශන කළ යුතු බැවින් ඇප ප්‍රතික්ෂේප කර ඉදිරි නඩු දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා “.

SendShareShare
Previous Post

ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියදී සෞඛ්‍ය ‍වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කරන්න බෑ! වැඩ වර්ජනයට එක් නොවූ මුරුත්තෙට්ටුවේ හිමිගේ වෘත්තීය සමිතිය හමුවූ අනුර කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මහබැංකු වංචාව අල්ලනවා කියලා ආපු ආණ්ඩුව ඊට වඩා ලොකු හොරකමකට පාර කපලා! ජනවාරි මාසයෙත් බදු නැතිව පොල්තෙල් ලීටර් ලක්ෂ හතහමාරක් ගෙන්නලා! දැන් ආණ්ඩුවට පාඩුව බිලියන 6ත් පැනලා! මරික්කාර් ආයෙමත් පොල්තෙල් වංචාව එළියට අදී! ඇමැති වසන්තත් නැගිට මරික්කාර්ගෙන් තොරතුරු ඉල්ලයි! දැන් නම් වැඩේ පත්තු වෙන්න වගේ යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.