යුක්රේනය ආක්‍රමණය කිරීමට පැමිණි රුසියානු හමුදා සාමාජිකයන් විශාල පිරිසක් මේ වනවිට යුක්රේන හමුදාවන්ට යටත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කොට ඇත.
කෑම සහ තෙල් හිගය හේතුවෙන් මෙසේ රුසියානු හමුදා භටයන් යටත් වී සිටින බවත්, ඇතැමුන් යුද්ධයට යාමෙන් වැළකී සිටීම සදහා යුදවාහන පවා කඩා බිද දමා ඇති බවත් එම මාධ්‍ය වාර්තා කොට තිබේ.
මෙම තත්ත්වය යටතේ රුසියානු හමුදාවන් බරපතළ අර්බූදයකට ගොස් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.










