ආණ්ඩුව හොරකමෙන් වංචාවෙන් ලොව අංක එක බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනතාව ජීවත් කරවීමේ අරගලයෙන් ආණ්ඩුව බරපතළ ලෙස අසමත්ව ඇති බවත්, ජනතාවට සහන සලසාදීම හෝ ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැති බවත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහෙත් හොරකම අල්ලස දූෂණය මර්ධනය වැනි කාරණා තුළින් ආණ්ඩුව ලෝකයේ අංක එකට පත්ව ඇති බවත් ඒ මහතා පැවසීය.
“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු – මානව නිදහස සුරකිනු” මැයෙන් සමගි ජනබලවේගය සංවිධානය කළ මෙම විරෝධතාවය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) කළුතර නගරයේදී පැවැත්විණි.
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්, දේශපාලන ක්‍රියාකාරිකයින් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.















