සජබයේ මුල් පුටු පෙරළෙයි’ යන හිසින් යුතුව පසුගිය සතියේදී ලංකාදීප පුවත්පත පළ කළ පුවතින් පසු සිරස මාධ්‍ය ජාලයද සජබ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා උපුටා දක්වමින් සංස්කරණය කරන ලද පුවතක් පළ කෙරිණ.Sri Lanka Latest News
එහි සදහන් වූයේ මැතිවරණ 4ක් පරාජයට පත්ව ඇති නිසා විපක්ෂයේ අනෙකුත් සියලු පක්ෂ එකතු කර ගැනීමට සජබය කටයුතු කළ යුතු බවට කාවින්ද ජයවර්ධන මහතා කරන ප්‍රකාශයකි.
සිරස ඊයේ වාර්තා කරපු හැටි!
ලංකාදීපය පළ කළ පුවත!

කෙසේවෙතත් කාවින්ද ජයවර්ධන මහතා අදළා ප්‍රකාශයේදී පැහැදිලිවම සදහන් කරන්නේ සජබයේ මුල් පුටු වෙනස් වන බවට වූ කිසිදු පුවතක් තමන් නොදන්නා බවකි.
සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව සිදුකරමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.










