අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී තීන්දු කිහිපයක්ම ගැණුනු අතර එහි ප්‍රධාන තීන්දුවක් වූයේ වහාම විපක්ෂයේ පක්ෂ සියල්ල සමග සාකච්ජා කොට ආණ්ඩුවට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කිරීමය.
නමුත් ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමග කිසිදු සාකච්ජාවක් නොපැවැත්වීමටද සමගි ජන බලවේගය එහිදී තීන්දු කොට තිබේ.
ඒ අනුව ඉදිරි දින 6 ඇතුළත විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ජා කිරීමට සමගි ජන බලවේගය තින්දු කොට ඇත.
ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහි දැවැන්ත ඒකාබද්ධ වැඩපිළිවෙළකට යාමටද සජබය තීන්දු කොට ඇති බව වාර්තා වේ.










