කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.
විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ, කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවය.










