භූමිතෙල් ලීටරයක් රුපියල් 87ක මිලකට අලෙවි කිරීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 275.26ක පාඩුවක් ලබන බැවින් නුදුරේදීම භූමිතෙල් මිලද ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් සඳහා සහනාධාරයක් අවශ්‍ය අඩු ආදායම්ලාභී ප්‍රජාවට මාසිකව යම් මුදල් ආධාරයක් ලබාදීමේ වැඩපිළිවෙලක් සැලසුම් කරන බවයි.
රුපියල් 87ක් වැනි අඩු මුදලකට භූමිතෙල් ලීටරයක් අලෙවි කිරීම හේතුවෙන් බොහෝ පිරිස් භූමිතෙල් අවභාවිත කරන බවත්, ඇතැම් බස් රථ රියැදුරන් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවන කටයුතු සිදුකරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ දුම් සහතික නිකුත් කිරීමේදී අදාළ බස් රථයට භූමිතෙල් යොදා තිබේද යන්න පිළිබඳ සොයා බලන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කරන බවයි.










