• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SHADES කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට ඇල්ලූ ජෝඩුව වමාරයි! ලක්ෂයක් ඉල්ලලා නෑ කියලා! දෙපාරක් පොල්ලෙන් ඔළුවට ගහලා! කතාවේ සැක තැන් කීපයකුත්!

February 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
SHADES කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට ඇල්ලූ ජෝඩුව වමාරයි! ලක්ෂයක් ඉල්ලලා නෑ කියලා! දෙපාරක් පොල්ලෙන් ඔළුවට ගහලා! කතාවේ සැක තැන් කීපයකුත්!
Share on WhatsAppShare on Facebook

පැලවත්තේ නිවසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබියදී සොයාගත් ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතකයා කඩවත ප්‍රදේශයේ රැඳී සිටියදී කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සහ ඔහුගේ බිරිය බව කියන කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

කඳාන පොලිසිය විසින් කඩවතදී ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එහි ගොස් ඔහුගේ බිරියව අත්අඩංගුවට ගෙන තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නැමැති අවුරුදු 27 හැවිරිදි අයෙකි. ඔහුගේ බිරිය බව කියන සැකකාරිය අවුරුදු 23ක් වයසැති හුස්වා ෆස්ලිම් නැමැත්තියක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය. මෙම යුවළ පදිංචි ස්ථානය ලෙස එහි සඳහන්ව ඇත්තේ නාරාහේන්පිට දාබරේ මාවතේ ස්ථානයකි.

පොලිසියේ අභ්‍යන්තර තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට අනුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් කඳානේ සිට කඩවතට ගොස් කඩවත පිහිටි ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසල ඔහු රැඳී සිටියදීය. කඳානේ සිට පොලිස් කණ්ඩායම කඩවතට පැමිණෙන තුරු මෙම සැකකරු සිය බිරිඳ සමඟ එම ස්ථානයේ හෝ ඒ ආසන්නයේ රැඳී සිට ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය. කඳාන පොලිසියේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ බිරිඳත් ඒ කිට්ටුව සිට ඇති බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය. ප්‍රධාන සැකකරු කඩවත නිමි ඇඳුම් සාප්පුව අසල රැඳී සිටින බවට කඳාන පොලිසියේ නිලධාරියෙකුට තොරතුරු ලබා දී ඇත්තේ ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ ඥාතිවරියක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ව්‍යාපාරිකයාව පසුගිය 30 වෙනිදා ඝාතනය කිරීමෙන් පසු මෙම යුවළ රටින් පලා යාමට උත්සාහයකද නිරතවී තිබුණි. ව්‍යාපාරිකයාගේම ක්‍රෙඩිඩ් කාඩ් පතින් ඉන්දුනීසියා යාමට ගුවන් ටිකට්පත් දෙකක් වෙන් කරගෙන ව්‍යාපාරිකයාගේම මෝටර් රථයෙන් ගුවන්තොටුපොළ වෙත ගමන් කර තිබුණේ අධිවේගී මාර්ගය ඔස්සේය. ඒ 31 වෙනිදා අලුයම් කාලයේදීය. එහිදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව අධිවේගී මාර්ගයේ නතර වී තිබුණි. එම රථය මීගමුවේ ගරාජයක් අසල දමා ගොස් තිබියදී 02දා පොලිසියට හමු වී තිබුණි. ආපදා රථයකින් එම මෝටර් රථය මීගමුවට රැගෙන ගිය මෙම යුවළ එම ආපදා රථයෙන්ම කටුනායක කුරණ හන්දියට පැමිණ එතැන් සිට ගුවන්තොටුපොළ වෙත ත්‍රිරෝද රථයක නැඟී ගිය බවට තොරතුරුද පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබුණි.

මෙම යුවළ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී ගමන් කිරීමට සූදානම් වී ඇත්තේ ඉන්දුනීසියාවේ බාලි දූපත් වෙතය. 2018 වසරේදී ඔවුන් බාලි දූපත්වලට ගොස් ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. ගුවන් ටිකට්පත් අතැතිව තිබුණත් ඔවුන්ට බාලි බලා යාමට ඉඩක් ලැබී නැත්තේ ඉන්දුනීසියානු වීසා ගැටලුවක් මුල්කරගෙන බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඔවුන්ට එදින ගුවන් ගත වීමට ඉඩ ලැබී නැති බව විමර්ශන නිලධාරීන් විසින් හෙළි කර ගන්නේ පසුගිය 03 වෙනිදා සවස් කාලයේදීය. එතැන් සිට ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේත් බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේත් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරනු ලැබීය. එහිදී හෙළි වන්නට වූයේ මෙම යුවළ කොළඹින් පිටත තැන තැන රැඳී සිටින බවය. පෙරේදා (04) ඔවුන් රැඳී සිටි බවට දුරකතන විශ්ලේෂණ ඇතුළු විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී ගොස් ඇත්තේ නැඟෙනහිර පළාතේය.

උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඔවුන් දෙදෙනා එදින ත්‍රිකුණාමලයේ රැඳී සිට ඇති බවට දුරකතන විශ්ලේෂණ තොරතුරුවලින් පෙනී ගොස් තිබුණු බවය. ඒ ගැන මෙම යුවලගෙන් දීර්ඝ ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ රාත්‍රි කාලයේ ප්‍රශ්න කරමින් සිටියේය. එහිදී ඔවුන් පවසා ඇත්තේ තමන් ත්‍රිකුණාමලයේ නොගිය බවය. කඩවතට ඔවුන් දෙදෙනාව රැගෙන විත් ඇත්තේද බිරිඳගේ පුංචි අම්මා කෙනෙක් බවට තොරතුරුද හෙළි වී ඇත. පසුගිය දින කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා සැඟ වී සිට ඇති බව කියැවෙන්නේ ද එම පුංචි අම්මාගේ නිවසේ බව ද කියැවෙයි.

ප්‍රධාන සැකකරුගේ බිරිඳ කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකාරියකි. නාරාහේන්පිට දාබරේ මාවතේ නිවස සැකකරුගේ මහගෙදර බව විමර්ශනවලින් හෙළි වී තිබේ. දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් වන අතර, මෙම ඝාතනය වන විට ඔවුන් දෙදෙනා පදිංචිව සිට ඇතැයි පැවසෙන්නේ සාලමුල්ලේය.

රටින් පලා යාමේ සැලසුම ව්‍යර්ථ වූ පසු ඔවුන් දෙදෙනා ගුවන්තොටුපොළේ සිට මඟී බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැන් සිට ත්‍රිරෝද රථයකින් වැල්ලම්පිටිය පොලිස් වසමේ පිහිටි සිය පුංචි අම්මාගේ නිවසට පැමිණ ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ගුවන් ටිකට්පත් දෙක වෙන් කරගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 04ක් වැය කර බවත් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයකින් රුපියල් ලක්ෂ 09කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ව්‍යාපාරිකයා මඟින් ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පතක රහස් අංකය තමා දැන සිටි බවත් එම අංකය මතකයේ තබාගෙන සිට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකුවකින් ලබාගෙන සැඟ වී සිටීමට වැල්ලම්පිටිය පැත්තේ නිවසක් කුලියට ගත් බවද ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පවසා තිබේ. ප්‍රධාන සැකකරුගේ බිරිඳ විදෙස් ගමන් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ තුවාන් පුත්‍රා ෂරීමන් නමින් ව්‍යාජ තොරතුරු ලබා දෙමින් බවත් ඇගේ ජාතික හැඳුනුම්පතේ ඇති නම් ගම් සහ විදෙස් ගමන් බලපත්‍ර‍ෙය් ඇති නම් ගම් අතර වෙනසක් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුව ඊයේ (05) සවස සිය භාරයට ගැනීමෙන් පසු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පෙනී ගොස් ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට ඍජුවම වගකිව යුතුව ඇත්තේ සැකකාර පිරිමි පුද්ගලයා බවය.

මූලික විමර්ශනවලදී සැක කළ ආකාරයට අනුව මෙම ඝාතනය සිදු වන විට මෙම යුවළම පැලවත්තේ නිවසේ රැඳී සිට නැති බව සැකකරුගෙන් කෙරන ප්‍රශ්න කිරීම් හමුවේ පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ඝාතනය සිදු වන අවස්ථාවේදී එම නිවසේ රැඳී සිට ඇත්තේ තමාත් කෝටිපති ව්‍යාපාරිකයාත් පමණක් බව යැයිද එම නිලධාරියා කීය. කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි ඔසු හලකින් රුපියල් 1000ක් ලබාදී උපත්පාලන කොපු තුනක පැකට්ටුවක් මිලදී ගෙන ඇති ඔහු කෙලින්ම පැමිණ ඇත්තේ පැලවත්තට බවත් ඔහු සමඟ සිටියේ යැයි කියන බිරිඳ එම අවස්ථාවේදී පැලවත්තට පැමිණ නැති බවත් සැකකරුගේ ප්‍රකාශ ඔස්සේ කියැවෙන බවද එම නිලධාරියා පැවසීය. සැකකරුගෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ කියැවෙන ආකාරයට අනුව පැලවත්තේ පිහිටි නිවසට ප්‍රධාන සැකකරු ඇතුළු වී ඇත්තේ 30 වෙනිදා සවස 6.37ට හෝ ඒ ආසන්න කාලසීමවක් තුළදීය. පැය දෙකක පමණ කාලයක් ඔහු මේ නිවසේ රැඳී සිට ඇති බව ද කියයි. ඝාතනය සිදුවී ඇත්තේ ඒ අතර කාලය තුළය.

තමා මෙම ව්‍යාපාරිකයාව දැන හඳුනා ගත්තේ දුරකතන ඇප් එකක් මඟින් බව ද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ව්‍යාපාරිකයා තමාට එම ඇප් එක හරහා ඇමතුමක් ලබාදෙන විට රැඳී සිටියේ දෙහිවල ප්‍රදේශයේ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. තට්ටු නිවාස සංකීර්ණයකදී දෙදෙනා හමුවී කතාබහ කිරීමට සූදානම් වුවත් ව්‍යාපාරිකයා තමාට පැලවත්තට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව තමා කළුබෝවිල පිහිටි ඔසු හලකට ගොස් උපත් පාලන කොපු පැකට්ටුවක් ද රැගෙන පැලවත්තට ගිය බවත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව සඳහන්ය. මෙම නිවසට තමා ගියේ ඇයි දැයි කියා මෙන්ම ව්‍යාපාරිකයා සමඟ පැවති සමීප හිතවත්කම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවත් ඒවා සියයට සියයක්ම සැබෑ කරුණුදැයි තහවුරුකර ගැනීමට විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තවත් බොහෝ විමර්ශන සිදු කිරීමට සිදුවන බව පොලිස් තොරතුරු සඳහන් කළේය. ඒ අනුව ව්‍යාපාරිකයා ඝාතනය වූ නිවසේ තිබී හමු වූ භාවිතා කළ උපත් පාලන කොපුවේ ඇතුළත ඇති ද්‍රව්‍ය මෙන්ම එම කොපුවේ පිටත ඇලී ඇති ද්‍රව්‍ය ඩී.එන්.ඒ. පරීක්ෂාවකට යොමු කිරීමට පවා සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. මෙහිදී ඝාතනය වූ ව්‍යාපාරිකයාව පමණක් නොව, මෙම අඹුසැමි යුවළගේද ඩී.එන්.ඒ. පරීක්ෂාවක් සිදුකිරීමට සිදුවනු ඇති බව ද එම නිලධාරියා කීය. සැකකරු පවසන ආකාරයට අනුව ව්‍යාපාරිකයාත් ඔහුත් නාන තටාකයේ බැස සිට ඇත. එහිදී තමා ඔහුගෙන් මුදල් හදිසියකට යැයි කියා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටි බවද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. එතරම් මුදලක් ලබා දීමට නොහැකි බවත් මුදල් පසුම්බියේ ඇති කීයක් හරි දෙන්නම් යැයි ව්‍යාපාරිකයා පැවසූ බවත් එහිදී ඇතිවුණු යම් බහින් බස් වීමකින් පසු පොල්ලක් අතට ගෙන ඔහුගේ හිසට පහරවල් දෙකක් එල්ල කළ බව ද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා ඇත. එහිදී ඔහුගේ අත ද ඇඹරූ බවද ඔහු පවසා ඇත. තමා එල්ල කළ පොලු පහරින් ඔහු නාන තටාකය අසල බිම වැටුණු බවත් නැගිටීමට උත්සාහ ගත්තද ඔහුට නැගිට ගැනීමට නොහැකි වූ බවත් සැකකරු පවසා ඇත. පසුව තමා ඔහුව පිහිණුම් තටාකයට ඇද දමා මුදල් පසුම්බිය සහ බෑගය රැගෙන ඔහුගේ මෝටර් රථයේම නැගී කොළොන්නාවට ගිය බවද සැකකරු පවසා තිබේ. තමා ලොකු ප්‍රශ්නයකට මැදි වූ බව බිරිඳට එහිදී පවසා ඇති ඔහු දින කිහිපයකට රටින් පිටව යන බව පැවසූ බවත් බිරිඳ එහිදී තමාත් පැමිණෙන බව කී නිසා ඇයව රැගෙන යාමට සිදුවූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් පවසා ඇත. මෙම සැකකරු සිය බිරිඳව මෙම ඝාතන චෝදනාවෙන් ආරක්ෂා කරන ආකාරයෙන් ප්‍රකාශ ලබාදෙන බැවින් ඔහු කියන ප්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්විය යුතුව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එබැවින් ඔවුන්ව දිනක් හෝ දෙකක් රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට සිදු වන බව ද එම නිලධාරියා කීය. ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ මත ඝාතනය වී ඇත්තේ අතුරුදන්වූ බව කියැවුණු කෝටිපති ව්‍යාපාරිකයා බැවින් ඔහුගේ පවුලේ අය මළ සිරුර හඳුනා නොගත්තද පශ්චාත් මරණ පරීක්ෂණය දැන් සිදු කිරීමට හැකි තත්වයක් ඇතිවී තිබෙන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

තවත් ඛේදවාචකයක්! දරුවො දෙන්නම මරලා තාත්තත් දිවිනහගෙන!

Next Post

හොරු අල්ලන වැඩේ මට බාරදුන්නොත් වැඩේ හරියටම කරලා දෙනවා! ෆීල්ඩ් මාෂල් ජනතාවට සහතිකයක් ‌දෙයි! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.