2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබූ සිද්ධියට සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස වැඩ කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.Sri Lanka Latest News
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ ලංකා ජයරත්න මෙනෙවිය විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
මීට අමතරව විනිසුරුවරිය මෙම දඬුවම ලබාදෙමින් රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
නීතීය ඉටු කරන ආයතනයක ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වු විත්තිකරු යටතේ රාජකාරී කරන නිලධාරියකුට බලපෑම් කිරීම ඉතාමත් බරපතළ කාරණයක් බව පෙන්වා දෙමින් මෙවැනි බලපෑම් කිරරීමට බලාපොරොත්තු වන අනෙකුත් නිලධාරීන්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරිය විත්තිකරුට එලෙස දඬුවම් නියම කළාය.
කෙසේවෙතත් ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වනවිට වත්මන් ආණ්ඩුවේද රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටී.