බලන්ගොඩ නගර සභාවේ සභාපති චාමික ජයමිණි වැවේගෙදර සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ චන්දන කුමාර ජයවර්ධන මහත්වරුන් එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.
එම සභාපතිවරුන් ඉදිරිපත් කළ අයවැය යෝජනා පරාජයවිම නිසා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇති බලතල අනුව ඔවුන් දෙදෙනාගේ ධූරයන් ඉවත් කළ බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.










