ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබේ. Sri Lanka Latest News
අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 5 අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
ඒ සඳහා යොදාගත් පිස්තෝලය රැගෙනවිත් තිබුණේ නීතීඥයන් භාවිත කරන පොතක් කපා සූක්ෂ්ම ලෙස ඒ තුළ බහාලමින්ය.










