• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රහස් හෙළිවෙයි! මීට පෙරත් රිෂාඩ්ගේ ගෙදර වැඩ කළ තරුණියන් දෙදෙනකු අභිරහස් ලෙස මියගිහින්!

July 26, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ASPට කෝල් කරපු කතාව අලි බොරුවක්: රිෂාඩ් පාස්කු කොමිසමට ලියුමක් එවයි
Share on WhatsAppShare on Facebook

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර
සේවයේ යොදවා සිටි තරුණියන් දෙදෙනකු අභිරහස්
අන්දමින් මියයෑමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විශේෂ
පොලිස් කණ්ඩායම් දෙකක් පුළුල් විමර්ශන ආරම්භ කර
ඇත.

මින් එක් තරුණියක දුම්රියට පැන අභිරහස් අන්දමින්
සියදිවි හානිකරගෙන තිබූ අතර අනික් තරුණිය මියගොස්
ඇත්තේ හදිසියේ රෝගාබාධයකට ලක්වීමෙන් අනතුරුව බව
විමර්ශන වලින් හෙළිවී තිබේ.

එමෙන්ම ආසන්න සිද්ධිය වන රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ
මෙහෙකාර සේවයට යොදවා සිටි 16 හැවිරිදි බාලවයස්කාර
දැරිය ගිනි තබාගෙන සිය දිවි හානි කර ගත්තාද එසේත්
නැත්නම් ඇයට ගිනි තබා ඝාතනය කළේද යන්න සොයා
පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දැරියට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට තරම්
විශේෂ හේතුවක් මේ වනතුරු අනාවරණය වී නොමැති බව
පොලිසිය පවසයි.

අවශ්‍ය වුවහොත් භූමදාන කළ දැරියගේ සිරුර නැවත
ගොඩගෙන එය පූර්ණ විමර්ශනයකට ලක් කිරීමට අද
අධිකරණයෙන් අවසර පතන බවද උසස් පොලිස්
නිලධාරියෙක් කියා සිටියේය.

මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ
යොදවා සිටියදී පිළිස්සී අභිරහස් අන්දමින් මියගිය දැරියට
වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු වැටුප්
මුදලක් ලබා නොදී තිබූ බවද අනාවරණය වී ඇත.

මෙම දැරියගේ මාසික වැටුප් මුදල් ලෙස ලැබිය යුතු සියලු
මුදල් ලබාගෙන ඇත්තේ ඇය මෙහෙකාර සේවය සඳහා
රැගෙන ආ ශංකර් නමැති තැරැව්කරුවා විසින් බව පොලිසිය
හෙළිකරගෙන තිබේ.

ශංකර් නමැත්තාට අයත් ආගරපතන ප්‍රදේශයේ බැංකුවක
තිබූ ගිණුමක් මේවනවිට පොලිසිය විසින් සොයාගෙන ඇති
අතර එම බැංකු ගිණුමට මාසිකව රිෂාඩ් බදියුදීන්ගේ නිවසින්
මුදල් බැරවී ඇති බවද හෙළිව තිබේ.

මේවන විට හෙළිවී ඇති තොරතුරුවලට අනුව මෙම
දැරියගේ මව ශංකර් නමැත්තාගෙන් රුපියල් තිස්දහසක
මුදලක් ණයට ලබාගෙන ඇත. එම ණය මුදල් ගෙවා ගැනීමට
නොහැකි වූ තැන ඇය සිය 15 හැවිරිදි දියණිය මෙහෙකාර
සේවය සඳහා මස 2 ක කාලයකට ලබාදී තිබිණි.

ශංකර් මෙම දැරිය හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ නිවසට
රැගෙනවිත් ඇත්තේ ඉන් පසුවය.

‍එතැන් පටන් මෙම දැරිය මියයන තුරුම මෙම නිවසේ
මෙහෙකාර සේවය සඳහා යොදවා ඇති අතර ඇය කෲර
වධහිංසාවන්ට සහ ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව
පොලිසිය හෙළිකර ගෙන තිබේ.

ඇතැම් අවස්ථාවලදී මෙම දැරිය කොසු කැඩෙනතුරු
පහරකෑම් වලට පවා ලක්ව තිබූ බව අනාවරණය වී ඇත.

මේ අතර දැරිය පිළිස්සී මියගොස් සිටි ස්ථානයේ තිබූ
භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් පොලිසිය විසින්
සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල්
පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

දැරියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සහ තවත්
තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්
රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය තැරැව්කරු සහ මස්සිනා
අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (24
වැනිදා) ඉදිරිපත්කළ අතර ඔවුන් පැය 48 ක් රඳවාගෙන
ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබාදී
තිබිණි.

එමෙන්ම මෙම සැකකරුවන් සිව්දෙනා අද දින (26
වැනිදා) අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්
කිරීමට නියමිතය.

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා
සිටි දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට
පුද්ගලයන් 30 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය
සඳහා යොදවා සිටියදී විවිධ හිංසනයන්ට ලක්වූ තරුණියන්
සහ දැරියන් 11 දෙනකු පිළිබඳව ලැබී ඇති තොරතුරු මත ඒ
සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර
තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි
බෝගහවත්ත මහත්මිය පත්කර ඇත.

මේ අතර බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්‍ෂක දුමින්ද බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්
පොලිස් කණ්ඩායමක්ද මෙම සිද්ධීන් සම්බන්ධයෙන් විශේෂ
පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.

අධිකරණයෙන් රැඳවුම් නියෝග ලැබූ රිෂාඩ් බදියුදීන්ගේ
බිරිඳ කිරුලපන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන
අතර අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසියේ
තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග
පැවැසීය.

මේ අතර මෙම දැරිය රාත්‍රි කාලයේ රඳවා සිටින අඩි 6 ක්
දිග අඩි 4 ක් පළල කළුවර කාමරය පොලිසිය විසින් දැඩි
පරීක්‍ෂාවට ලක්කර තිබිණි. එම කාමරය නිවසින් පිටත
වෙනම ස්ථානයක පිහිටා තිබෙන අතර එය සුනඛයකුටවත්
වාසය කිරීමට නොහැකි තත්ත්වයේ පවතින එකක් බව
පොලිසිය පවසයි.

එම කාමරයේ විදුලි පහන් නොතිබූ අතර රාත්‍රි කාලයේදී
අවශ්‍යතාවක් ඇති වුවහොත් දැරිය ආලෝකය ලබාගෙන ඇත්තේ කඩදාසි කැබැලිවලට ගිනි තබා බවද
විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම දැරියට මේ ආකාරයට
ඉතාම සාහසික අන්දමින් සලකා ඇති බව පොලිසිය පවසයි. -දිවයින

SendShareShare
Previous Post

කාන්තාවන්ට දරුවන්ට හිංසා කරන කවුරු වුවත් නීතිය ක්‍රියාත්මක කරන්න! සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

Next Post

මම බැසිල් එක්ක ළඟින්ම වැඩ! IMF වැඩක් නෑ! ජනපති ලේකම්ගෙන් ප්‍රකාශයක්!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.