මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අද (23) සවස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
ඒ මහතාගේ ඉල්ලා අවස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා වෙත බාර දී ඇති අතර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
දේශබන්ධු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් සිය කටඋත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමෙන් පසුව ඒ මහතා මෙසේ සිය ඉල්ලා අස්වීම යොමු කර ඇති බව දැනගන්නට තිබේ.
පෞද්ගලික හේතුවක් මත තමා ලේකම් දූරයෙන් ඉවත් වන බවට ලේකම්වරයා දැනුම් ද ඇති බවද එම නිලධාරියා කියා සිටියේය.










