2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. (Sri Lanka Latest News)
ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමගයි.
2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කළේ ය.
උසස් පෙළ කෘෂි විද්‍යාව 1 සහ 2 කොටස් ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේ, එහි ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවී ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.
ඒ අනුව උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිතයි.
පළමු කොටස පෙබරවාරි 01 වැනි දාම පස්වරු 01.00 සිට 3.00 දක්වා පැවැත්වෙනු ඇති.
newsfirst










